පෑලියගොඩ අර්බුදය හමුවේ මිගමුවේ ලෙල්ලම් දෙකක් වසා දැමේ !

0
220
dav

dav

sdr
වසා දමා තිබුන සමුපකාර ලෙල්ලම

( 9.00 am ) පැලිගොඩට මාළු වෙළද සංකිර්ණය තුලද කොරෝනා අවධානාමක් මතුව ඇති හෙයින් එහි සිල්ලර  වෙළදාම නවතා දමා තිබේ.මේ හේතුවෙන් ඊයේ දිනයෙ සිට මීගමුවේ ප්‍රධාන ලෙල්ලම් කරා පැමිණෙන පිරිස විශාල වශයෙන් වැඩිවි තිබේ.
පවතින තත්වය යටතේ අද සිට ක්‍රියාත්මක වෙන පරිදි පොලිසියෙන් පැමිණ ලොකු මසුන් අලෙවි කරනු ලබන රජයේ සමුප ලෙල්ලම් සහ පිටිපන මිසමට අයත් කුඩා මසුන් අලෙවි කරනු ලබන ලෙල්ලම වසා දමා තිබේ.
මේ නිසා විශේෂයෙන්ම පිටිපන මිසමට අයත් ලෙල්ලමට මසුන් රැගෙන එන මිගමුවේ දෛනික රැකියාවේ නිරත කලපු ධිවරයන් සහ කුඩා බෝට්ටු ධිවරයන් විශාල අපහසුවකට පත්ව තිබුණි.
ඒ අනුව අද දිනයේ විවෘත තිබුනේ දූව පිටිපන විදිය ලෙල්ලම පමණි. මේ ලෙල්ලමට ඇතුලුවිම මිටරය පරතරයෙන් යුතු පෝලිමක සිට පොලිස් අධික්ෂණය යටතේ සිදුව තිබුනි.
.dav

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here