පිටරටින් ගේන අයිස් මාළු ටික තිබුෙන් නැතිනම් මීගමුවේ අපිටත් කන්න වෙන්නේ සැමන් යැයි කියා සිටියේ එජාප නාගරික මන්ත්‍රි සංගීත් ප්‍රනාන්දුය.
ඔහු මංකුලිය ලේලලමේ ප්‍රධාන පෙළේ මාළු ව්‍යාපාරිකයෙකි.
ඔහුට අනුව අද ලංකාවේ ධිවර කර්මාන්තය පත්ව ඇති තත්වයට වගකිව යුතුව ඇත්තේ කිසිදු සැලැස්මකින් තොරව මුහුදේ මාළු විනාශ වන්නට ඉඩදෙන නිතිවිරෝධි පන්න ක්‍රම දේශපාලන සහ වෙනත් හිතවත් කම් මත ක්‍රියාත්මක විමට සදහා පසුබිම සැකසු මහින්ද රාජපක්ෂ පාලනයයි.
දැන්වත් සැලැස්මක් සහිතව ධීවර කර්මාන්තය සැලැසුම් නොකරන්නේ නම් එහි ප්‍රතිවිපාක තවත් දරුණු වනු ඇත.