පිටින් ඔපේ යටින් හපේ” යන්න සනාථ වන අලියපොල !

0
133

IMG-20200129-WA0043

මීගමුව , අලියපොල භූමිය නගරසභාව විසින් පාලනය කෙරෙන පොදු ස්ථානයකි. මෙහි දෙපස රජය විසින් පොදු පරිහරණය සඳහා ගොඩනගා ඇති ශාලා දෙකකි. ඉන් එකක් විවිධ උත්සව සඳහා වෙන්කර අැති අතර අනෙක පෙර පාසැල් සහ ග්‍රාම නිලධාරි මහතාගේ නිල කාර්‍යාලය ඇත .
මෙහි පිටුපසට ගියවිට කුනුකසල මෙන්ම ජරා වතුර එක්රැස් වන ආවරණයක් නැති වලක් සහ එකී වතුර ගලාගෙන යන කානුවක් ඇත .මෙසේ අපිරිසිදු පරිසරයක් තිබියදී තාප්පවල පින්තූර ඇඳීමෙන් පමණක් මෙය වසා ගැනීමට නොහැක .IMG-20200129-WA0037
එක තැනක වීදුරු කටුය. තව තැනක කසල ගොඩක්ය. තවත් තැනක පස් කන්දකි. මෙසේ පොදු භූමියක් ජරාවාස වුවද වගකිවයුතු අය තමන්ගේ මඩියට යමක් එකතුවන්නේ නම් එවැනි ස්ථාන සඳහා පුද්ගලිකව පවා මැදිහත් වන බව අපි දනිමු . නමුත් මෙවැනි ස්ථාන පිළිබඳව පවතින යථාර්ථය ගැන පැහැදිළිය. ⁣ඒ නිසා මේවා ගැන අප සියළු දෙනා කම්පා විය යුතුය . මන්ද මේවා පොදු ජනතාව සතු දේවල් වන බැවිනි.IMG-20200129-WA0039
සුගිය දිනවල අපිරිසිදු කානු, වලවල්වල මදුරු කීටයින් දඟලන ආකාරය අපි හොඳින් දැක්කෙමු . නමුත් මේ කිසිවක් මහජන සෞඛ්‍යය පරීක්ෂකවරුන්ට හෝ නගරසභාවේ ඉහල බලධාරීන්ට නොපෙනීම පිළිබඳව විවිධ හේතු ජනතාව අතර කතාබහට ලක්වේ. නමුත් මේවා ගැන විමසා බලා කටයුතු කරන අවංක නිලධාරීන්ද සිටින බව අපි දනිමු. මෙවැනි ස්ථාන වලට යනඑන ගමන් හෝ ගොස් ඒවා ගැන යම් පියවරක් ගන්නා මෙන් එවැනි නිලධාරින්ට සහ බලධාරීන්ට අප අවධාරණය කර සිටිමු .