පිටිපන ගද ගැස්සු පොහොර වැඩේ හබක් ! 7 තේ කල්ලියට ගමෙන් පැසසුම් !

0
107

මිගමුව පිටිපන ප්‍රදේශයේ පැවැති මත්‍යස්‍ය අභිජනන මධ්‍යස්ථානය මුලික කොට ගෙන ක්‍රියාත්මක දියර පොහොර වැඩසටහන නිසා ගම්වාසින් මහත් අපහසුවකට පත්ව සිටියේ ඉන් වහනය වු දුගද නිසාය.
මේ පිඩාවෙන් ගම නිදහස් කරගැනිමට පොහොට්ටුවේ මන්ත්‍රිවරියන් සහ මන්ත්‍රිවරුන් දිගින් දිගටම මග අරිමින් සිටියදි ,විපක්ෂයේ සුප්‍රසිද්ධ 7 කල්ලිය මැදිහත්ව තිබුණ අතර අද ඔවුන් සටන ජයගෙන තිබුණි.
ඒ් අනුව හෙට සිට මේ මස අවසානය දක්වා ගම ගද ගස්සන පොහොර නිෂ්පාදනය නවතා දැමිමට තින්දු කර ඇති අතර ඉන් මාස තුනකට පසු මෙය වෙනත් ස්ථානයකට ගෙන යාමට තින්දු කර ඇත.
ජනවාරි සිට මාර්තු දක්වා නිෂ්පාදන කටයුතු ගම්වාසින්ට දුගන හමන්නේ නැති ආකාරයෙන් සිදුකරගෙන යාමටද මෙහිදි අදාල බළධාරින් විසින් ගම්වාසින්ට පොරොන්දු වි ඇත.
මේ තිරණ ගෙන තිබුනේ බස්නාහිර පළාතේ සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් සහ පොලිස් නිලධාරින්ද සමගින් අද පැවැති සාකච්ජාවකදිය.
මෙම සටනට නාගරික මන්ත්‍රි කපිල නන්ද සුලෝචනගේ මුලිත්වයෙන් විපක්ෂයේ 7 කල්ලිය සහභාගි වි තිබුණි.