පිටිපන ලෙල්ලමට රථගාලක් හදාගන්න බැරිවුණ නගර පාලනයක් ?

0
112

Stingray-being-weighedමීගමුව යනු ධිවර කර්මාන්තය සදහා රටේම නම් තැබු ප්‍රධාන නගරයකි. පිටිපන ලෙල්ලම යනු එහි මර්මස්ථානයයි. මිගමුවෙන් පමණක් නොව රටේ හතරදිග්භාගයෙන්ම සෑම අලුයමකම මාළු ලොරි මේ කරා පැමිණේ.
අලුයම 2 පමණ සිටින් මෙහි ඇත්තේ දැඩි කලබලයකි.
එහෙත් පැවැති සෑම පාලනයකට විසදාලන්නට බැරිවු බරපතල ප්‍රශ්ණයක් වේ.
එනම් මේ ලෙල්ලමට එන වාහන නවතා තැබිමට නිසිය රථගාලයක් නොමැති කමය.
පිටපළාත් වලින් මාලු රැගෙන පැමිණෙන ලොරි ලෙල්ලම ආසන්නයේ රදවාගෙන මාලු තොග ගොඩබෑම කළ යුතුව තිබේ.
එහෙන්ම මීගමුවෙන් මෙන්ම අවටින්ද පිටිපන ලෙල්ලම කරා පැමිණෙන පාරිහෝගිකයන්ගේ යතුරු පැදි මෙන්ම වාහනද නවතා දැමිම ඇති පහසුකම් තවමත් ගැටළුකාරිය.
තතු මෙසේව තිබියදි වරක් නිමල් ලංසා විසින් විශාල රාජ්‍ය මුදලක් වැය කොට කලපුව සමිපයේ වු කඩොලාන කපා වාහන නැවැත්විම සදහා යැයි කියමින් දැවැන්ත මාධ්‍ය සංදර්ශනයක් ඉදිරිපත්කොට තිබුණි.
එපමණය.කලපුව සමිපයේ කඩොලාන නම් කැපුණි. එහෙත් ඉදිවු රථගාලයක් නම් නොමැත.
මිගමුව නගරයේ පාලනය වසර 15 ක් පමණ තිස්සේ සිදුකරමින් සිටින්නේ  ලංසා පවුල විසිනි. එහෙත්  මිගමුව නම් වු ධිවරය නගරයට අවැසි සංවර්ධන කටයුතු නිසි ලෙස සැලැසුම් කිරිමට ඔවුන් අපොහොසත්ය.