පිනට මසාජ් අරන් පැනල යන්න හදපු පොලිස් නිලධාරියෙකු කොටුවෙයි!

0
54

policeමිගමුවේ  මසාජ් මධ්‍යස්ථානයකට පැමිණිමට  පුරුදුව සිටි පොලිස් නිළධාරිවරයෙකි.ඔහු මිට පෙර  පැමිණි අවස්ථාවලදි ඔහු එහි කළමනාකරුට තමන් පොලිසියේ යැයි කියා නොමිලේම මසාජ් එකක් අරන් යන්නටද පුරුදුව සිට ඇත.එහෙත් ඊයේ දිනයේ පැමිණ මසාජ් සැපද විදගැනිමෙන් පසු ඉහල පොලිස් නිලධාරියෙකුට විස්කි බෝතලයක් අරගෙන දිම සදහා යැයි කියමින් මුදල්ද ඉල්ලා ඇත.එවිට එහි කළමණාකාරිත්වය විසින් ඔහුගේ පොලිස් හැදුනුම් පත ඉල්ලා ඇත.එවිට කලබල වු ඔහු පැනගොස් බස්රථයකට නැගිමට යාමේදි අල්ලාගෙන  පොලිසියට භාරදි ඇත.මේ පුද්ගලයා පුත්තලම් පොලිසියේ හදිසි වැටලිම් ඒකකයේ ඉහල නිලධාරියෙකු බවද කියැවේ.මේ නිලධාරියාව අද උසාවියට ඉදිරිපත් කිරිමෙන් අනතුරුව පෙබරවාරි 6වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකොට තිබුණි .