පියාට එරෙහිවු ව්‍යවහාරිකත්වය

0
273
අක්‍රමවත් ලෙස පවත්වාගෙන යන කරවල ව්‍යාපාරය නිසා කලපුවට අපද්‍රව්‍ය එක්වන ආකාරය

කලපුව ඔබේ හතුරා’’ යැයි කියනවාට වඩා ‘‘කලපුවේ හතුරා ඔබ’’ යැයි කීම තුළ ඇතිවන ප‍්‍රතිචාරය වෙනස් ය. ඇත්තටම කලපුවේ හතුරා ඔබයි. එසේ කී සැනින් ඇසෙන විලාපය වනුයේ ‘‘ඇයි දෙවියනේ උපන් දා සිට මෙතැන ජීවත්වෙලා, දුකට සැපට එකතු වෙලා, අපේ ජීවිතයට සමාන කළපුවේ හතුරා වෙන්නේ කොහොමද? ආදි ලෙසටය. ඇත්තටම ඔබ කරමින් සිටින දෙය දෙස ඔබම බලන්න.
ඔබට හොරා කළපුවේ හතුරා ඔබ වුයේ කෙසේද?
කලපුව මායිමේ සිදුවන අනවසර ඉදිකිරීම්
පරිසරය සමග මිනිසාට ඇති සම්බන්ධය උත්කෘෂ්ඨත්වයට පත් කීරිමට යොදන වදන් අතර එකක් ‘‘කළපුව අපේ අම්මා’’වේ. මෙලෙස නම් කරන මුල් තැන පවුල වේ. පියාට වඩා මවට සාමාන්‍යයෙන් හැමදෙනාම කැමතිය. ඇසුරු කිිරිම පහසුය. අම්මාව ළගට ගද්දි ජීවිතයට නීතිය හා පිළිවෙල ගෙනෙන තාත්තා ඔබේ අතැ`ගිලි අස්සෙන් ඔබටත් නොදැනී බිමට වැටෙයි. කළපු අම්මාගේ දරුවෝ ඇයව ආරක්ෂා කිරිමට ඉ`දහිට ඒක රාශී වෙන අතර ( ඇතැම් කණ්ඩායම් වසරකට වරක් පොලීතීන් එකතු කිරිම් වැනි දෑ.*හැමදාම ව්‍යවහාරිකව ඇයව විනාශ කරති. කළපුව විනාශ කරනුයේ ‘‘බහුජාතික සමාගම්’’ යැයි  ඔබ සිතන්නේ නම් එම සමාගම්වල නිෂ්පාදනයන්හි අපද්‍රව්‍ය ඔබේ ආශිර්වාදය සමග කළපුවට දැමීම අමතක වෙයි. යම් කිසි භාණ්ඩයක් පාවිච්චි කිරීමට අවශ්‍ය විනය ඔබ අමතක කරයි. ඔබට කළපුව තවත් පාවිච්චි කිරිමට ඇති භාණ්ඩයක් පමණි..
දරුවන්ට ඇති ආදරයේ නාමයෙන් ඔබ අතින් ම කළපුව කුණු කසලවලින් ගොඩකර ඒ ස්ථානයේ අලංකාර නිවසක් තනා දෙයි. ‘‘අපේ කළපුව ආරක්ෂා කළ යුතුයි.’’ කියා ප‍්‍රසිද්ධියේ කතා කර ගෙදර කුණු, මුත‍්‍ර, මළපහ කළපුවට දමයි. ‘‘අපේ කම’’ කියන්නේ කළපුව විනාශ කිරිමට ඇති අයිතිය ද? ඔබගේ සියලූ කුණු බාර ගන්නා කුණුගන්නාරාළ කළපුව ද?
සොබාදහම සමග අඛණ්ඩව ගැටුණු මිනිසා විධිමත් සමාජයක් බිහිකර ගත් අතර තමාවද නැවත බිහිකර ගත්තේය. සොබාදහම සහ මිනිසා අතර වු පරතරය අඩුකර ගැනීමට එය සමග ඵෙයීන්ද්‍රීයව සම්බන්ධ වී විවිධ පැතී  ඔස්සේ ගොස් නුතන දැනුම නිර්මාණය කර ගත්තේය. අශික්ෂිත සමාජයට
නීතිය හා පිළිවෙල ගෙන ආවේය. සියැටල් පරිසරයට ආදරය කළේ ව්‍යවහාරීකව දේවල් කැප කිරීම් තුලය. සියැටල් ලංකාවට ආනයනය කරන විට ඔහුගේ ව්‍යවහාරීකත්වය මුහුදට දමා කනට මිහිරි වචන ලාංකීකයෝ  ආදරයෙන්  බාර ගත්හ.
ඔබ කරමින් ඉන්නේ වචන වලින් කලපුව ආරක්ෂා කිරිම නම්  ඔබට දෙවියන්ගේ පිහිටය.
කළපුව සම්බන්ධයෙන් සමාජීය වශයෙන් අර්ථ නිෂ්පාදනය කර නොමැති අතර එසේ කර තිබුණි නම් එයද සොච්චමකී. කුණුකසල වලින් කොම්පෝස්ට් පොහොර හැදීමට දුන් බැරලයන්හි කුකුල්ලූ ඇති කරන්නෙත්, මල් පැළ සිටුවන්නෙත් එබැවිනි. කළපුව සහ මිනිසුන් අතර සම්බන්ධය ඉතාම සරල එකකි. එයින් බොහෝ  සේ ගම්‍යමාන වනුයේ ආර්ථික කාරණාවක් පමණී. එය ආරක්ෂා කිරිමේ අවශ්‍යතාවයේ යටි තලය තමන්ගේ යැපීමයි. රැුකගන්නන් කෙසේ වෙතත් පාවිච්චි කරන්නන් බොහෝ ය.
‘‘ ඔබ දැන හෝ නොදැන ව්‍යවහාරීකව කරන වැරදිවලට ඔබේ දෙවියන් සමාව දුන්න ද අනාගත පරම්පරාව ඔබට සමාව නොදෙනු ඇත.’’