පිරමීඩවල සැඟව තිබූ රහස හෙළිවෙයි.

0
1149

වර්ථමානය වන විට පිරමීඩ ආශ්‍රිතව විවිධ පුවත් මැවෙමින් තිබේ. ඒ අතරට විවිධ කූට ව්‍යාපාර ක්‍රමද වර්ථමානය වන විට ඇතුලත් වී ඇත. තත්වය එසේ තිබියදී පිරමීඩ වලට විශ්ව ශක්තිය ඇඳ ගැනීමේ ඇති හැකියාව  සම්බන්දයෙන් කියැවෙන අදහස් කිහිපයක් පසුගිය දිනවල අපට අසන්නට ලැබිණි. ඉන්පසුව ඒ ඔස්සේ කරුණ සෙවූ අපට එය සනාථ කරමින් පළවන කරුණු රාශියක් දැනගන්නට ලැබිණි. මේ පුවතේ සත්‍ය අසත්‍යබව තිරණය පිරීමට අප ඉක්මන් නොවන අතර එය ඔබ වෙත භාර දීමට කැමැත්තෙමු.

වර්ථමානයේ විද්‍යාඥයන් සොයාගෙන ඇති පරිදි එවැනි පිරමීඩයක් ප්‍රධාන වශයෙන් සැපිරිය යුතු කරුණු 3කි.

1. ගීසා පිරමීඩයේ පාදයන්ගේ විශාලත්වයට අනුරූප වන පිරිදී, සමාන අනුපාතයන්ට අනුව සාදාගත් පිරමීඩයක් විය යුතුය.

2. පිරමීඩයෙ පැති දෙකක් උතුරු හා දකුණු දිශාවන්ට යොමු වන පරිදි පිරමීඩය පිහිටවිය යුතුය.

3. පිරමීඩයන් කිසි වාටක සන්නායක ද්‍රව්‍යයකින් නොසෑදිය යුතුය.

මෙලෙස සාදාගත් නිවැරදි පිරමීයන් මඟින් සිදුවන්නේ කුමක්ද?

1. ඔක්සිකරණය නිසා අවපැහැ ගැන්වූ කාසි හා රන් භාණ්ඩ වැනි දේ මෙම පිරමීඩය තුල තැබීමෙන් පසුව නැවතත් අළුත් භාණ්ඩ ලෙස ඔප වැටීම සිදුවේ.

2. නිතර භාවිතය නිසා මොට වූ රැවුල කපන රේසර් මේ පිරමීඩය තුල තැබූ විට නැවතත් මුවහත් වී අළුත් රේසරයක් ලෙසම භාවිතා කිරීමට හැකියාව ලැබේ.

3. මෙම පිරමීඩය තුල තැබූ විට කිරි කිසිදිනක නරක් වන්නේ නැත. එය පළමුව ස්ථර දෙකකට වෙන්වී පසුව යෝගට් බවට පත්වේ.

4. මස් හා බිත්තර ද පිරමීඩය තුල තැබූ විට නරක් වන්නේ නැත. ඒවා වියළි තත්වයට පත්වේ.

5. පිරමීඩය තුල මල් වර්ග තැබූ විට ඒවා පරනොවී දිගු කාලයක් පවතින අතර තාලයක් ගියපසු ඒවයේ පැහැය හෝ හැඩය වෙනස් වීමකින් තොරව වියළි තත්වයට පත්වේ.

6. පිරමීඩය ඇතුලත තැබූ ශාක ඉන් පිට ඇති ශාකයන්ට වඩා වේගයෙන් හා නිරෝගීමත්ව වැඩේ.

7. මඩ සහිත ජලය මෙම පිරමීඩය තුල දින කිහිපයක් තැබූ විට පැහැදිලි හා පිරිසිදු ජලය බවට පත්වේ.

8. පිරමීඩය තුල ටික වේලාවක් සිටීමෙන් දත්කැක්කුම් වැනි විවිධ වේදනාවන් සුවවේ.

9. පිරමීඩය තුලට වී භාවනා වල යෙදීම වඩාත් ප්‍රථිඵලදායක වන අතර ටෙලිපති වැනි මානසික ක්‍රියාවන් පවා වර්ධනය වීම සිදුවේ.

10. පිරමීඩය තුල දිනක් පමණ තැබූ ජලයෙහි රසායනික ගුණපවා වෙනස් වීම සිදුවේ.

මෙලෙස රසායනික ගුණ වෙනස් වන ජලය පානය කිරීෙමන් විවිධ වාසි රැසක්ම ලැබෙන බව ඔවුන් පවසයි. ඒ වා පහත ලෙසය.

1. එම ජලය පානය කිරීම ඔබව වඩාත් සෞඛ්‍ය සම්පන්න හා ක්‍රියාශීලී පුද්ගලයෙකු කරයි.

2. එම ජලය තුවාල, පිලිස්සුනු ස්ථාන හා සැරව පිරි ස්ථාන වෙත දැමූ විට ඉතා ඉක්මනින් සුව වේ.

3. පැළ වෙත මෙම ජලය දැමූ විට එවා ඉක්මණින් හා නිරෝගීව වැඩෙන අතර මියයන්නට ආසන්න පැළ වෙත දැමූ විට ඒවා නැවතත් ප්‍රාණවත් වේ.

4. විවිධ මල් වර්ග වලට මෙම ජලය ඉසූ විට දිගු කාලයක් එම මල් පරනොවී පවත්වා ගත හැකිය.

මෙලෙස විශ්ව ශක්තිව ලබා ගතහැකි පිරමීඩයක් නිර්මාණය කරගන්නේ කෙසේද?

  • එකිනෙකට සමාන මිනුම් සහිත ත්‍රිකෝණාකාර මුහුණත් 4ක් සාදාගෙන ඒවා එකිනෙක ඇලවීම මඟින් පිරමීඩය සාදා ගත හැකිය.
  • එලෙස පිරමීඩය සෑදීමට යොග්‍ය මිනුමු පහත ලෙසය.

පාදම                                           පැති පාද                                   උස

9 cm                                           8.55 cm                                    6 cm

12 cm                                         11.4 cm                                     8 cm

18 cm                                         17.1 cm                                     12 cm

27 cm                                         25.65 cm                                   18 cm

  • මේ අනුපාතයට අනුව පිරමීඩයන් පහත ආකාරයේ සැකිලි භාවිතා කරමින් සාදා ගත හැක.

PYR1

PYR2

PYR3

ඔබ සාදාගත් පිරමීඩය නිවැරදි දැයි පරික්ෂා කරන්නේ කෙසේද?

පෙන්ඩලම් ක්‍රමය

  • 20 – 30 cm පමණ දිග නූලකට කුඩා බරක් ගැටගසා ගන්න.
  • ඉන්පසු එය පිරමීඩයේ මුදුනට කෙලින් ඉහලට වන්නට අතහරින්න.
  • එම බර පිරමීඩයේ මුදුනට ආසන්න වන ලෙසට සෙමින් ගෙන එන්න.
  • ඔබ පිරමීඩය සෑදූ ආකාරය නිවැරදිනම් එම බර පිරමීඩයේ මුදුන වටා වෘතාකාර ලෙස චලිත වේ.
  • ඉන්පසු සෙමින් ඔබේ අත ඉවත් කරන්න, එවිට පිරමීඩය වටා ඊට මඳක් ඈතින් වන්නට එම බර වෘතාකාර චලිතයක යෙදෙනු දක්නට ලැබේ.

මී පැණි මඟින් කල හැකි පරික්ෂාව

  • කුඩා සෘජුකෝණාස්‍රාකාර හැඩැති බදුනකට මීපැණි දමා එය සෑදූ පිරමීඩයේ කේන්ද්‍රය මත තබන්න.
  • නිරීක්ෂණය කිරීමේදී මීපැණි ඝණ වී තිබේනම් ඔබ සෑදූ පිරමීඩය නිවැරදි වේ.
  • පිරමීඩය තබන දිශාව වෙනස් කලවිට පැය 24ක් යාමේදී එම මීපැණි නැවතත් ද්‍රව තත්වයට පත්වේ.

 පරිවර්ථන සටහන – මිතිලායා ගමගේ.

http://www.angelfire.com/clone2/darkcorner/pyramids.html මගිනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here