පිරිමි ළමුන් 06 දෙනෙකු අපචාරයට ලක්කිරීමේ වරදට හිමිනමක් අත්අඩංගුවට

0
83

පිරිමි ළමුන් 06 දෙනෙකු අපචාරයට ලක් කිරීමේ චෝදනා ලැබූ බෞද්ධ හිමිනමක්  අද සීදුව  පොලීසිය විසින්  අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලදී. මෙසේ අපචාරයට ලක්කර ඇත්තේ   අවුරුදු 12-13 ත් අතර වයසේ  පිරිමි ළමුන් වන අතර ඔවුන් 07 වසරේ ඉගෙනුම ලබන සිසුන්වේ.   එම හිමිනම ජීවත්වන ස්ථානයට මෙම පිරිමි ලමුන් විවිධ කාරණා මත ගෙන්වා ගෙන ඇති අතර ඔවුන්ට හිමිනම විසින්  දුරකථන, සහ ආහාර වර්ග අල්ලස් ලෙස දී ඇති බව වාර්තාවේ. මෙම හිමිනම අමන්දොළුව – සීදුව අතර පුදේශයේ විශේෂ කුටියක ජීවත්වන අතර එම පිරිමි දරුවන් මෙම කුටියේ නිරුවතින් හැසිරෙනු දැක තවත් ළමයෙකු පාසලේ ගුරුතුමියකට දැනුම් දී ඇති අතර පසුව දෙමව්පියන් හා පාසලේ ගුරුවරුන් මැදිහත් වී මෙම දරුවන්ගෙන් තොරතුරු ලබාගෙන තිබේ. පසුව   සීදුව පොලීසිය විසින් මේ පිරිමි ළමුන්ගෙන් කටඋත්තර ගෙන අදාළ හිමිනම අත්අඩංගුවට ගෙන තිබේ. මෙම පිරිමි දරුවන් 06 දෙනාව අද  මීගමුව මුලික රෝහලේ අධිකරණ වෛද්‍ය කාර්යාලයට  වෛද්‍ය  පරීක්ෂණය සදහා ඉදිරිපත් කර තිබුණි.   සැකපිට අත්අඩංගුවට පත් හිමිනම දෙසැම්බර් මස 20 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලදී.

images