පිලිපීනයේ සිටි ලාංකිකයිනුත් දිවයිනට.! මැදපෙරදිග ලාංකිකයන් තවදුරටත් අසරණයි ?

0
83

SriLankan-Airlines-700x375.

පිලිපීනයේ රැදි සිටි ශ්‍රි  ලාංකිකයන් 223 දෙනෙකු දිවයිනට පැමිණ තිබේ.

ශ්‍රි ලංකන් ගුවන්සේවයට අයත් යානයකින් ඔවුන් ඊයේ (11) රාත්‍රි 10.30 පමණ කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙත පැම්ණි බව අද දෙරණ  වෙබ් අඩවිය වාර්ථා කොට තිබේ.
අදාළ පිරිස පි.සි.ආර් පරික්ෂණයට ලක් කිරීමෙන් පසු එහි ප්‍රතිඵල ලැබෙන තෙක් ගුවන් තොටුපළ අවට හෝටල් කිහිපයක් වෙත යොමුකර තිබේ..

මේ අතර මැදපෙරදිග ලාංකිකයන්ගේ ප්‍රශ්ණය තවදුරටත් දැවැන්ත ඛේදවාචකයක් ලෙසින් ඉතිරිව පවති..බිබිසි  එය වාර්ථා කොට තිබුනේ මෙසේය..

“අතේ සතේ නෑ. උදේට කෑවොත් දවල්ට නෑ” – කුවේට්හි ශ්‍රී ලාංකිකයෝ (වීඩියෝ)

sharethis sharing buttonlinkedin sharing buttonwhatsapp sharing buttonwechat sharing buttonpinterest sharing button
පොදු සමා කාලයක් හිමි වුව ද යළි ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකි වූ දස දහසකට ආසන්න පිරිසක් කුවේට් රාජ්‍යයේ අතරමංව සිටිති.

නීත්‍යනුකුල නොවන අයුරින් කුවේටයේ රැදී සිටි අයගෙන් එරට රජය භාර ගනු ලැබුවේ විසා කාලය ඉක්මවූ, වලංගු ගුවන් ගමන් බලපත්‍රයක් ඇති අය පමණි.

එහෙත් භාරවීම සඳහා පැමිණි බොහෝ දෙනෙකුට ගුවන් ගමන් බලපත්‍රයක් නොතිබූ අතර ඔවුන්ට මෙතෙක් රැදී සිටි ස්ථාන ද අහිමිව ඇත.