පිළිකා සුව කිරීමට ඉදිරියේදී හැකි වේවිද?

0
97

මේ වසරේ කායවේදය හා වෛද්‍ය විද්‍යාව වෙනුවෙන් පිරිනැමීමට නියමිත නොබෙල් ත්‍යාගය දිනා ගැනීමට ජපානයේ විද්‍යාඥයෙකු වන Yoshinori Ohsumi (https://en.wikipedia.org/wiki/Yoshinori_Ohsumi) මහතා තෝරාගෙන ඇත. මෙම සම්මානය දිනා ගැනීම සදහා ඔහු නිර්දේශ වී ඇත්තේ සෛල වල නිපදවෙන අනවශ්‍ය ද්‍රව්‍ය සෛල විසින්ම ප්‍රතිචක්‍රීකරනය කරගැනීඹ හෙවත් ස්වයං භක්ෂකතාවය සිදුකිරීමට උපයෝගී වන විශේෂිත ජාන හදුනාගැනීමට Ohsumi මහතාට හැකියාව ලැබී තිබෙනවා.

පිලිකාවක සිට පාකින්සන් රෝගය දක්වා සෛල වල සිදුවන ක්‍රියාවලිය හෝ සෛලයේ ඇතිවන වැරැද්ද පැහැදිලි කිරීමට මෙමගින් නව මගක් විවිර වීම මෙතුමාගේ මේ නව සොයාගැනීමේ විශේෂත්වය වෙනවා. මෙම සොයාගැනීමත් සමග සෛලවල ස්වයංභක්ෂකතාවය ඉලක්ක කරගනිමින් ඖෂධ නිපදවීම දැනටමත් අරබා ඇති අතර පිළිකා වැනි මාරාන්තික රෝග සුවකල හැකි ඖෂධ සොයාගැනීමක් පිලිබදව බලාපොරොත්තු තැබීමට දැන් අපට හැකිවනු ඇති.

yoshinoriohsumi.jpg.size.custom.crop.1086x784

 

www.bbc.comඇසුරිණි.