පීසා හට් එක නිසා ගැලවූ බස් හෝල්ට් එක කෝ ?

0
296

දැනට මාසයකට පමණ  ඉහතදී   වෙන්නප්පුව  ප්‍රාෙද්ශීය සභාවට නුදුරින් මීගමුව දෙසට  පිහිටා තිබූ බස්නැවතුම  ගලවා දමන ලදි.  මෙයට හේතුව ලෙස වෙන්නප්පුව ප්‍රාෙද්ශීය සභාපතිවරයා පවසා සිටියේ  බස් නැවතුමට පිටුපසින් ඉදිවූ පීසා හට් ව්‍යාපාරික ස්ථානයට ඇතුල් වීමට ඇත්තේ බස්නැවතුම්පළ අසලින් නිසා එය තාවකාලිකව ඉවත්කළ බවයි. එමෙන්ම ඔහු පවසා සිටියේ ඉතා ඉක්මණින් මෙම බස්නැවතුම්පළ නැවත සෑදීමට පීසා හට් ව්‍යාපාරික හිමියා විසින් මැදිහත් වන බවයි. එසේ නමුත් මෙම බස්නැවතුම  තවමත් ඉදිවී නොමැති අතර දිනපතා එම ස්ථානයේ මගීන් මහ දවාලේ බස් එනතුරු හිටගෙන සිටිනු දක්නට ලැබේ.