පුංචි පුතු කලපුවට වැටුණා ද?

0
134

මාර්තු 09 වනදා සවස  මීගමුව සෙත්තප්පාඩුවේදී අවුරුදු එකහමාරක පුංචි දරුවෙකු අවාසනාවන්ත මරණයකට ගොදුරු වී තිබේ. මෙම සිදුවීම සිදුවී ඇත්තේ සවස 3-30ට පමණ වන අතර  ඔහුගේ මව වන දිනේෂා හේමන්ති  (29) සිය දියණියන් දෙදෙනා සහ පුතු සමග නිවස ඉදිරිපිට ඇති කලපුව ආසන්නයට ගොස් තිබේ. කලපුව ආසන්නයේ දරුවන්සමග සිටින විට දුරකථන ඇමතුමක්  ඇසී යළිත් ඇය නිවසට ගියේ  දරුවන් තිදෙනා ද සමගින් බව ඇය පවසා ඇත. නමුත් ටික වේලාවකින් බලන විට පුංචි පුතණුවන් පෙනෙන්නට නොමැති නිසා සෑම තැනකම සොයා ඇත. පසුව දරුවා කලපුවට වැටී ඇති බව දැනගෙන ඇත්තේ දරැවා කලපුවේ පාවී සිටින බව කවුරුන් හෝ විසින් දැනුම් දුන් පසුවය. එතෙක්  ඔවුන් දරුවා වෙනත් ස්ථාන වල සොයමින් සිට ඇත. සොයා ගන්නා විටත්  ඔහු මියගොස් සිට ඇත. පසුව එවෙලේම මීගමුව රෝහලට මේ පුංචි දරුවා රුගෙන ගියද  කිසිදු පලක්වී නොමැත.
මියගොස් ඇත්තේ  අවුරුදු එකහමාරක් වයසැති එච්.එන්.ඩී දෙනුවන් වේ. ඔහුගේ පියා ධිවරයෙක් වන අතර ඔහු මේ වනවිටත් රැකියාව සදහා බහුදින යාත්‍රාෙව්  පිටත්ව ගොස් සිටින බව වාර්තා වේ.

ායා -එම්.ඉෂෙඩ් සාජහාන්