පුත්තලමේ ජනතාව අංක එකට ගෙනා එජාප මන්ත්‍රී , ආණ්ඩුවත් එක්ක රට පනී..

0
77

 

හෙක්ටර් අප්පුහාමි සහ අශෝක යන මන්ත්‍රිලා පක්ෂ නායකයා සමිපයේම කැමරාවට පේවි සිටින අයුරු....
හෙක්ටර් අප්පුහාමි සහ අශෝක යන මන්ත්‍රිලා පක්ෂ නායකයා සමිපයේම කැමරාවට පේවි සිටින අයුරු….
වයඹ පළාත් සභා මන්ත්‍රි චිත්‍රාල් ප්‍රනාන්දු පමණක් ධීවර උද්ඝෝෂණය අවසන් වන තෙක් ජනතාව සමගින් සිටි අයුරු...
වයඹ පළාත් සභා මන්ත්‍රි චිත්‍රාල් ප්‍රනාන්දු පමණක් ධීවර උද්ඝෝෂණය අවසන් වන තෙක් ජනතාව සමගින් සිටි අයුරු…

HC3දෙවන සංස්කරණය –පසුගිය දිනවල වයඹ පළාතේ  දේශපාලන කරලිය තුල මහත් ආන්දෝලනයකට මුල් වු කරුණක් වුයේ ලක්ෂ 300 ක්  පමණ වැය කරමින් තායිලන්තයට සහ චීනයට යෑම සදහා සුදානම් වෙමින් තිබුණ විනෝද චාරිකාව පිළිබදවයි.
ජවිපෙ මන්ත්‍රිවරයා පමණක් මෙය මුදල් නාස්තියක් ලෙසින් සිය විරෝධය පළකර තිබුනද අනික් සියළු මන්ත්‍රිවරුන් මේ ගමන සදහා සිය පුර්ණ සහය පළකර තිබුණි.
මේ ගමන සදහා එක්සත් ජාතික පක්ෂයෙන් එක්වු මන්ත්‍රින් දෙදෙනාම උග්‍ර සජිත්වාදින් අප දැනටමත් හෙළිකර ඇත්තෙමු.
එමෙන්ම පසුගිය කාලය තුල දිස්ත්‍රික්කය පුරා ජනතාව පෙළන ප්‍රශ්ණ වලට මැදිහත්විමට කිසිදු උනන්දුවක් නොදැක්වුවෝ ද වෙති.
විශේෂයෙන්ම හෙක්ටර් අප්පුහාමි මේ දෙදෙනා අතරින් ජේෂ්ඨ එජාප මන්ත්‍රිවරයෙතු වුවද ඔහුට රාජ්‍ය විරෝධි උද්ඝෝෂන අරහන්ය.
පසුගිය පෙබරවාරි 15 වෙනිදා හලාවත නගර මධ්‍යයේ පැවැති පොලිස් වෙඩිපහරින් ඝාතනය  වු ඇන්ටනි ප්‍රනාන්දුගේ 2 වන සංවත්සරය ධීවර සංවිධාන එක්ව සංවිධානය කර තිබුන අතර එහි පැමිණි හෙක්ටර් අප්පුහාමි ඇතුළු බොහොමයක් පළාත් සභා මන්ත්‍රිවරුන් නගරය මැද්දේ වැඩියෙන්ම දැඟලුවේ එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතාට  කිට්ටු වි ලකුණු දාගැනිමට සහ මාධ්‍ය වලට මුහුණු දමා ගැනිමටය.
හෙක්ටර් අප්පුහාමි ඇතුළු ඒ වර්ගයේම තවත් ආසන සංවිධාකයන් පක්ෂ නායකයා එතනින් ඉවත්ව ගිය පසු හෙමින් සැරේ පල්ලම් බැස්සෝය.
ඒ උද්ඝෝෂනය අවසානයේදි පොලිසිය විසින් මුදාහළ තර්ජන හමුවේ ජනතාව සමගින් අවසානය තෙක් සිටියේ තරුණ පළාත් සභා මන්ත්‍රිවරයෙකු වු නිතිඥ චිත්‍රාල් ප්‍රනාන්දු  මහතා පමණි.
එපමණක්ද නොව මෙම උද්ඝෝෂණය සදහා රනිල් වික්‍රමසිංහ මහතාද පැමිණෙන බැවින් පෙබරවාරි 15 වෙනිදා හලාවත උද්ඝෝෂණය සාර්ථක කරගැනිමට සහය ලබාදෙන්නට යැයි කියමින් ධිවර  නියෝජිතයන් පිරිසක් හෙක්ටර් අප්පුහාමි මන්ත්‍රිවරයා හමුවු අවස්ථාවක ඔහු කියා ඇත්තේ සෙනඟ ගෙන ආ හැක්කේ අරක්කු දෙන්නේ නම් පමණක් බවය.
මේ අයුරින් ජනතාව මෙම උද්ඝෝෂණයට රැස්කිරිමට කිසිදු උත්සාහයක් නොගත් බව ධිවර සංවිධාකයෝ මාධ්‍ය වෙත ප්‍රසිද්ධියේ සිය කලකිරිම පළකර සිටින ලදි.
ජනතාවට සේවය කිරිම සදහා ලබාදි ඇති තිරුබදු රහිත සුපිරි වාහනය  තමන් වෙනුවෙන් ඇප කැපවි අතින් සල්ලි වියදම් කරමින්  මහන්සි වු පක්ෂ ක්‍රියාකාරින්ට පවා නොපෙන්වා  රෙදිවලින් පොරවා  හෙක්ටර් අප්පහාමි ම්න්ත්‍රිවරයා විසින් නිවසේ හංගා  තබාගෙන සිටියේ යැයි මීට ඉහතදි  අපි හෙළි කළෙමු.
දිනෙන් දින උග්‍රවන ධීවරයන්ගේ ප්‍රශ්ණ ඇතුළු දිස්ත්‍රික්කයේ පිඩිතයන්ගේ උවමනා එපාකම් සදහා ඇති මුදල් ආණ්ඩුව හිතුමතේ කාබාසිනියා කරන්නට යද්දි ඒවාට මේ අයුරින් උඩගෙඩි දිය හැක්කේ ඒ මහජන මුදල් එලෙසින්ම තමන්ට හා තමන්ගේ පවුලේ අයවෙනුවෙන් පමණක් යොදවන විපක්ෂයේ මෙවන් මන්ත්‍රිවරුන්ට පමණි.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here