පුද්ගලික නාලිකාවක වැඩක් නිසා මැකො ඇල්පිටිය නිල ජන්ද ප්‍රථිපල ලේඛනයට අත්සන් තැබීම ප්‍රතික්ෂේප කරයි ??

0
147

derana - maco

ඇල්පිටිය මැතිවරණ කොට්ඨාස 17 ජන්ද ගණනය කර නිල ජන්ද ප්‍රථිපල ලේඛනය සකස් කර අවසන් වී තිබියදී එම ප්‍රතිඵලය නිල වශයෙන් මැතිවරණ කොමිසමේ නිලධාරීන් විසින් නිවේදනය කිරීමට පෙර පෞද්ගලික මාධ්‍ය ආයතනයකින් අවසරයකින් තොරව එම ප්‍රථිපල ලේඛන ප්‍රසිද්ධියට පත් කිරීම හේතුවෙන් ඇල්පිටිය ප්‍රාදේශීය සභා ජන්දයේ නිල ජන්ද ප්‍රථිපල ලේඛනයට අත්සන් තැබීම මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ප්‍රතික්ෂේප කර ඇති බව වාර්තා වෙයි.

ඊයේ (11) රාත්‍රී දෙරණ නාලිකාවේ පුවත් ප්‍රකාශය අතරතුරදී එම නාලිකව විසින් අැල්පිටිය මැතිවරණයේ ප්‍රථිඵල විකාශය කරමින් සිටින අතර තුර එක්වරම එම ප්‍රථිඵල ප්‍රකාශයට පත් කිරීම නැවැත්වූ බව දැකගන්නට ලැබිණි.

ඉන්පසුව එම නාලකාව විසින්ම ජන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානය ලෙස පැවති ඇල්පිටිය වෘත්තීය පුහුණු අධිකාරිය පරිශ්‍රයේ සිට ගාල්ල දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරි සෝමරත්න විදානපතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මාධ්‍ය හමුව විකාශය කල අතර එහිදී ප්‍රතිපල ප්‍රකාශයට පත් කළේය.