පුද්ගලික රෝහලකින් පමණක් ශල්‍යකර්ම කරගන්න- විශේෂඥ වෛද්‍යවරයෙක් කියලා.

1
255

xlab 1xlab 2xlab 4වෛද්‍ය වෘත්තිය වෙළදාමේ යොදවන අයගෙන් ඒ ක්ෂේත්‍රයද දැන් පිරි යමින් පවති.මේ සටහන එවන් එක වෙළෙන්දෙකු පිළිබදවය.
ඔහු කලක් මීගමුව රෝහලේ  ප්‍රසව හා නාරි විශේෂඥවරයා ලෙසින්ද කටයුතු කළ අයෙකි.එකල ද අප  ඔහු ගැන හෙළි කළෙමු.
ඔහු කරා එන රෝගින්ගේ තරාතිරම මුලින්ම විමසා සිටියි. පසුව රෝගි තත්වය ගැන රෝගියා සහ ඥාතින්ට එහි ඇති දැඩි අවදානම ගැනත් මීගමුව රෝහලේ ඇති අක්‍රමිකතා සහ ඇති  අඩු පහසුකම් ගැනත් කියයි.
එසේ කියා ඔහු මිගමුවේ ඇති පුද්ගලික රෝහල්වලින් එකක නවතින  ලෙසින් ලියුමක් දෙයි.
මේ එදා මීගමුවේ සේවය කරන සමයේදි ඔහු සිය වෘත්ති වෙළදාමේ යෙදු ආකාරයයි.
දැන් ඔහු සේවය කරනු ලබන්නේ කළුබෝවිල රෝහලේය.
යළිත් ඔහු පරණ සෙල්ලම දැන් මීගමුවේ පටන් ගෙන ඇතැයි වාර්ථා වේ
සිද්ධිය කෙටියෙන් මෙසේය.
නිදහස් වෙළද කලාපයේ යුවලක් ඔහු හමුවිමට ගොස් ඇත්තේ අළුත විවාහ ව සිටි ඒ යුවතියට  අධික රැධිර වහන තත්වයක් ඇතිව තිබුන නිසාය. මේ ගැන පරික්ෂා කළ වෛද්‍යවරයා පවසා  ඇත්තේ ගර්භාෂයට පිටින් දරු ගැබක් හටගෙන ඇති බවය.
මේ නිසා ඉක්මන් ශළ්‍යකර්මයක් කළ යුතු බවත් මීගමුව රෝහලේ පහසුකම් නැති නිසා කොළඹ රෝයල් නම් වු රෝහලෙන් මේ ශල්‍යකර්මය කර ගතහැකි බවය.
ඒ සදහා රු 120000 පමණ මුදලක් වැය විමට ඉඩ ඇති බවද පවසා ඇත.
2013 ජුනි 02 වෙනිද මීගමුව රෝහල ඉදිරිපිට පිහිටා ඇති x lab ආයතනයේදි මෙම වෙද්‍යවරයා හමුවි ඇත.එහෙත් එකි වෛද්‍යවරයා විසින් ලියා දි ඇති කිසිදු බේත් තුන්ඩුවක තමාගේ තනතුර ගැන නිළ මුද්‍රාවක්ද තබා නැත.
එහෙත් ඒ අකුරු සහ එහි ලියා ඇති දුරකතන අංකය අප මේ මතු හෙළිදරව් කරන වෛද්‍යවරයාගේ බව x lab හි සේවය කරන පැරණිතම සේවිකාවක විසින් .තහවුරු කර සිටියේය.
කෙසේ වෙතත් මුදල් නැති මේ යුවල පසුව මීගමුව රෝහලේ සේවය කරන වෛද්‍යවරයෙකුගේ උපදෙස් මත මීගමුව  රෝහලට ඇතුලත් වු පසු එහිදි කරන ලද පරික්ෂා වලින් හෙළිව ඇත්තේ පෙර කි විශේෂඥ වෛද්‍යවරයා විසින් කර තිබුණ රෝග විනිශ්චය නිවරදි එකක් නොවු බවය.
මේ  ලේ වහනය කිසියම් තත්වයක් නිසා හටගෙන ඇති ගබ්සාමය තත්වයක් බවය.
පසුව යුවල කිසිදු මුදලක් වැය නොකරමික් මීගමුව රෝහලෙන් ප්‍රතිකාර ලබාගෙන පිටව ගොස් තිබේ.

 

1 COMMENT

  1. not stamping is wrong. otherwise there is nothing wrong here/ unethical here. when a patient goes to private medical service, its implied that patient can pay for private service. what happen at Negambo hospital is only word of mouth

Comments are closed.