පෙබ 25 මත්කුඩු විරෝධි රැළියේ event Manager කතෝලික සභාවද ?

0
62

1467355419_5958860_hirunews_Protest1මීගමුවේ මත්කුඩු විරෝධී විශේෂ වැඩසටහනක් මේ මස 25 වෙනිදා සංවිධානය කිරීමට කතෝලික සභාව කටයුතු කරමින් සිටියි. මේ සදහා පා ගමනක් සහ රැලියක් පැවත්වෙන බවත් ඒ සදහා සහභාගී වන ලෙස 18 වෙනි ඉරිදා මීගමුව දිසාවේ සෑම දෙව්මැදුරකදීම දැනුම් දීමක් කරන ලදි.
මේ මත්කුඩු විරෝධී වැඩසටහන පිළිබඳව මධ්‍යස්ථ මත දරණ කතෝලිකයින් තුල ඇතිවී ඇත්තේ සැකයකි. මක්නිසාදයත් විස්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරන පරිදි කතෝලීක සභාවේ මේ වැඩසටහන සංවිධානය කරන කමිටු රැස්වීමට ප්‍රදේශයේ කුඩු ජාවාරම් වලට සම්බන්ධයැයි ප්‍රසිද්ධියේ සැක කරන දේශපාලකයින්ද සහභාගි වී තිබේ.
ඉතා ශක්‌තිමත්ව ගොඩනැගී ආ පෝට් සිටි විරෝධතාවයද කතෝලික සභාවේ මැදිහත්වීම පැවත්වූ විරෝධයක් සමග දියාරුවී ගිය බව ජනතාවට මතකය. එවැනි දෙයක් කිරීමට කතෝලික සභාව ඉදිරිපත් වූයේ පෝට් සිටිය ඉදිකරන චීන සමාගම රුපියල් කෝටී ගනනක මුදලක් තේවත්ත බැසිලිකාව අලුත්වැඩියා කිරීමට කාදිනල්වරයාට ලබා දුන් නිසාය.
. මීගමුව ප්‍රදේශයේ කුඩූ ජාවාරම මෙහෙයවනු ලබන්නේ කවුරුන්දැයි මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී ඇති දරුවන්ගේ දෙමාපියන් නම් ගම් ඇතිව දේවස්ථාන භාර පියවරුන්ට ලබාදී ඇති අතර පොලිසියද එම කුඩු ජාවාරම් කරුවන් ගැන සියලු තොරතුරු දනී.
මෙවැනි වාතාවරණයක් තුල කතෝලික සභාවේ නායකයින් කල යුත්තේ නීතිය ක්‍රියාත්මක කිරීමට පොලිසියට බලපෑම් කිරිම මිස විරෝධතා සංදර්ශන පැවැත්වීම නොවේ.
දැති මෝරා