පෙබ 28 ජීනිවා සැසිය ඇරඹෙයි ! කාර්දිනල් හිමි හදිස්සියේ විදෙස් ගතවෙයි !

0
183

 

අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් පසුගිය  (22) උදැසන විශේෂ ධුත පිරිසක් සමග විදෙස්ගතවූ බව කටුනායක ගුවන්තොටුපල ආරංචිමාර්ග පවසව බව ද ලිඩර් වෙබ් අඩවිය වාර්තා කර තිබේ.

අගරදගුරු හිමියන් වතිකානුවේ සංචාරයක නිරතවීමට නියමිත බවත්, එම සංචාරයේදී උන්වහන්සේ ශුද්ධෝත්තම පාප් වහන්සේ ඇතුලු වතිකානුවේ ඉහළ බලධාරීන් හමුවී පාස්කු ප්‍රහාරයේ වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් පැහැදිලි කිරීමට සැලසුම් කර ඇති බවත් පසුගියදා මාධ්‍ය වාර්තාකර තිබිණ බවද එම පුවතේ වැඩිදුරටත් සදහන්ය.

අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් ලෝක රදගුරු සමුළුවේ ප්‍රධානින් හා ජාත්‍යන්තර ගිහි සංවිධානයේ නියෝජිතයින් සමග ද විශේෂ සාකච්ජා වට කිහිපයක් ම පැවැත්වීමටසැලසුම් කර ඇතැයි එම මාධ්‍ය වාර්තාව වල සඳහන් විය.

මේ අතර මෙවර ලංකාවට වඩාත් තීරාණාත්මක විය හැකි ජිනිවා මානව හිමිකම් සමුළුව පෙබරවාරි 28 වෙනිදා ආරම්භ විමට නියමිතව තිබේ.
සුපුරුදු පරිදි මානව හිමිකම් වලට අදාල ඇතැම් නීති සංශෝධන සහ ඇතැම්  සිරකරුවන් නිදහස් කිරිමටද රජය පියවර ගෙන ඇති බැව් පෙනේ.