පෙරියමුල්ලට සහ අබේසිංහපුරටත් හෙට එන්නත් නැහැයිලු ?

0
77

මීගමුව සෞඛ්‍ය වෛද්‍ය නිළධාරියාගේ සැලැස්මක් නැතිකම නිසා දේශපාලකයන්ගේ ඔඩොක්කුවට දැමු නිසා කොරෝනා එන්නත් කරණ වැඩසටහන හෙට දිනයේ පෙරියමුල්ල සහ අබේසිංහපුර යන ප්‍රදේශල ක්‍රියාත්මක නොවන බව වාර්තා වේ දිනවෙන්කර තබා තිබුණද දේශපාලකයන්ගේ හිතවතුන්ට කර ඇති VIP සැලකිලි හේතුවෙන් එන්නත් මේ වන විට අවසන් වි ඇතැයි වාර්ථා වේ.

VIP විදිල්ල හින්ද දැන් මේ සැලැස්ම කැලේ ගිහින්ලු


මේ හේතුව නිසා විශාල ජනතාවක් වෙසෙන මේ ග්‍රාම නිළධාරි වසම් දෙකට එන්නත් වැඩසටහන් ක්‍රියාත්මක නොවන බව පෙරියමුල්ල ග්‍රාමවාසිහු මිපුරට පවසා සිටිති.
එමෙන්ම අද දිනයේදි බෝලවලාන සහ කුරණ යන ප්‍රදේශවලට එන්නත් ලබාදිමට කල් ඇතිවම ගල්කන්ද හංදිය සායනයට දින වෙන්කර තබා තිබුනද අද දිනයේ එයද ක්‍රියාත්මක වුයේ නැත.
පෙරියමුල්ල මුස්ලිම් පල්ලිවල මෙන්ම කුරණ බෝලවලාන දේවස්ථානවල මේ පිළිබදව පුළුල් ප්‍රචාරයන් පවා ලබාදි තිබියදි ඒ දේශපාලකයන්ගේ න්‍යාය පත්‍රවලට ගැතියෙකු වු මිගමු සෞඛ්‍ය වෛද්‍ය නිළධාරියා මේ ග්‍රාමසේවා වසම් වල ජනතාවගේ අයිතිය නිහින දේශපාලකයන් හමුවේ පාවා දි තිබේ.
මේ ශාපයෙන් ගැලවිමට ඒ දේශපාලකයන්ට මෙන්ම සෞඛ්‍ය ලොක්කන්ටද කිසිදු ඉඩක් නැති බව මතක තබාගත යුතු යැයි මිපුර අමතා ලැබෙන දුරකථන ඇමතුම් වලින් කියැවෙන් පොදු පණිවිඩය වි තිබේ