පෙරියමුල්ලේ මේ කුළුණට අවසර දුන්නේ දයාන්ද ? ෆරිස්ද ?

0
68

මිගමුව පෙරිමුල්ල ප්‍රදේශයේ ඉදිකරමින් ඇති ඩයලෝග් කුළුණක් පිළිබදව ඒ අවට ප්‍රදේශවාසින්ගේ විරෝධය මේ වන විටත් මතුව තිබේ.
එනම් ඉතාමත් ජනාකිර්ණ ප්‍රදේශයක මෙය ස්ථාපිත කොට තිබිම මෙයට ප්‍රධාන හේතුවක් ලෙසින් පෙන්වා දෙමින් ප්‍රදේශවාසින් ආගමික නායකයන් මෙන්ම විද්වතුන්ද සිය විරෝධය පළකර තිබේ.
පාසැලක් ,දේවස්ථානයක් ,සමගින් මිගමුවේ අතිශය ජනඝණත්වයක් ඇති පෙරියමුල්ලේ මෙය ස්ථාපිත කිරිමට අවසර දි ඇත්තේ මිගමුව නගරාධිපති දයාන් ලංසාද එසේත් නැතිනම් පෙරියමුල්ල කොට්ටාශය නියෝජනය කරන නියෝජ්‍ය නගරාධිපති ෆරිස්ද යන්න ගැන පුළුල් කතාබහක් මේ වන විට පෙරියමුල්ල තුල මතුව තිබේ.
කෙසේ වෙතත් මිගමුව මහනගර සභාව විසින් දි අනිවාර්යෙන්ම දි ඇතැයි සිතෙන මේ අනුමැතියට එරෙහිව පුළුල්ම විරෝධයක් මතුකිරිමට ගම්වාසින් මේ වන විටත් කටයුතු කරමින් සිටින බව වාර්තාවේ