පොත් මංගල්ලය ඇරඹේ

0
164
????????????????????????????????????

අද(16) කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී ආරම්භ විය. මෙම අවස්ථාවට ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති ඇමති ගයන්ත කරුණාතිලක මහතා සහ ප්‍රවීන සාහිත්‍යවේදිනී සිබිල් වෙත්තසිංහ  මහත්මිය  සහභාගී වූ අතර සාහිත්‍යෙව්දීන්,පොත් ප්‍රකාශකයන් මෙන්ම විශාල පාඨක පිරිසක් ද සහභාගී වූහ.  ලබන 25 වැනිදා දක්වා දිනපතා  උදෑසන 9.00 සිට රාත්‍රී 9.30 දක්වා පොත් ප්‍රදර්ශනය පැවැත්වෙනු ඇත. මෙම පොත් ප්‍රදර්ශනය අතරතුරදී සාහිත්‍ය වැඩසටහන් මෙන්ම සංස්කෘතික වැඩසටහන් ද පැවැත්වීමට නියමිතය. ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය විසින් 18 වැනි වරටත් මෙම ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය පවත්වනු ලබයි.

ඡායාරූප - තුසිත සිංහකුට්ටිආරච්චි
ඡායාරූප – තුසිත සිංහකුට්ටිආරච්චි

ඡායාරූප - තුසිත සිංහකුට්ටිආරච්චි

ඡායාරූප - තුසිත සිංහකුට්ටිආරච්චි
ඡායාරූප – තුසිත සිංහකුට්ටිආරච්චි
ඡායාරූප - තුසිත සිංහකුට්ටිආරච්චි
ඡායාරූප – තුසිත සිංහකුට්ටිආරච්චි

Save