පොදු ජනයාගේ පාර විකුණා තමන්ගේ පාර හදාගත් පාලකයෙකුගේ සුපර්මාකට් සංකල්පය !

0
47

Road issue 1(8.20 pm ) මීගමු   නගරය  තුළ  ඉදිකර ඇති  සුපර්මාකට්   ගොඩනැගිල්ල  ගොඩනැගිළි  කිහිපයක  එකතුවකි. මෙම  ගොඩනැගිලි  A  B  C    ආදී  වශයෙන්  නම්  කෙරේ. මෙහි  F  ‍ගොඩනැගිල්ල   ඇත්තේ  මෙම  ගොඩනැගිලි  පිහිටා  ඇති  කෙරවලේය.  මේ  ස්ථානයට  යාමට  ඒමට  තිබුණු  එකම  පාර  තමන්ගේ  බූදලයේ  කොටසක්  මෙන්  සලකා  ලංසා  පාලනය  විසින්  ලක්ෂ  20කට  විකුණා  දමා  ඇත.  එම  පාර  මුදල්දී  ගත්තැනැත්තා  එය  පුද්ගලිකව  ලැබූ  හෙයින්  වසා දමන ලදී. එමෙන්ම   F ‍ගොඩනැගිල්ල වැසෙනසේ  කඩයක්  දැමීමට මොහොමඩ් රජාප් නම්  තැනැත්තාට   ඉඩදීම  නිසා  මෙහි  කඩ  පේලියේ   ව්‍යාපාරිකයින්ට  පාරක්  නැතිවිය.  ඒ  නිසා  ඔවුන්   මීගමු  නගරසභාවට  ගෙවියයුතු  බදු මුදල්  ගෙවීම වසර  10ක්  තිස්සේ    පැහැර  හරින ලදී. මේනිසා   සිදුවී  ඇති  පාඩුව  ලක්ෂ  150/ක්  පමණ  වන බවට  තොරතුරු  ලැබී  ඇත.විකණීමට   හැකි  ඕනෑම  දෙයක්  විකුණා  තමන්ගේ  මඩියට  දමා ගැනීමේ  පුරුද්ද  මේ  අයට  ලැබී  ඇත්තේ  පරම්පරාවෙනි.  මේ  සඳහා  අවශ්‍ය  පසුබිම  නිර්මාණය  කිරීමට  මොවුන් ඉතා දක්ෂය. කොතැනක  හෝ  ඉඩක්  තිබේනම්  එය  පොදු  දේපලක්  ලෙස  ඔවුන්ට  නොපෙනේ.road issue 2

එසේම  අනවසර  ඉදිකිරීම්  ගැන  මහ ඉහලින්  කථාකරන  මේ  අය  තමන්ගේ  හෙංචයියන්ට  එවැනි තැන්වල  ව්‍යාපාර  කරගෙන  යෑමට  ඉඩ  සකසා  දෙයි. තමුන්ට  විරුද්ධ  අයගේ   ව්‍යාපාරික  ස්ථාන  ඉවත්කරයි.  ඉහතකී  ස්ථානය  අසලම  තිබෙන   කැරොකේ  සමාජශාලාව  සඳහා  ඉඩකඩ  ලබාදී  ඇත්තේ  මෙම  මූලධර්මය  මතය. එය  ලබාදී  ඇත්තේ  තෝරා  නමින්  බීඩි  හදා  විකුණන  මුදලාලි  කෙනෙකුටය. එමෙන්ම  ඔහුගේ  සමාජශාලාව  C G R  භූමියේ   තිබුනු   අනවසර  කඩ  කිහිපයකින්  වැසී  තිබෙනු  දැක  ඒවා  ඉවත්කිරීම  උදෙසා  අණ  කිරීමට  ලංසා  පාලනය   දෙවරක්  නොසිතයි.  මේ  අනුව  පාලකයාගේ  පිහිටෙන්  බීඩි  මුදලාලි  තමන්ගේ  සමාජශාලාවේ  කටයුතු  දැහැමෙන්  සෙමෙන්  කරගෙන  යයි.  අනවසර  වෙළඳුන්  පිරිසක්  එලවා දමන්නටත්, තව එකෙකුට ඉඩහදා  දෙන්නටත්  ලංසා  පාලනයට  හැකිවූයේ  ඉහතකී   දූෂිත  මූලධර්මය  මතය. අපි  ජනතාවට  අනතුරු  අඟවන්නේ   මෙකී  දූෂිතයින්ගේ   වැඩපිළිවෙලවල්   ගැන  අවධියෙන්  සිටින  ලෙසය.