පොදුරාජ්‍ය මණ්ඩලීය powerlifting තරගයේදී ශ්‍රී ලංකාවට රිදී හා ලෝකඩ පදක්කම්..

0
58

Image-53-696x433

ඊයේ(17) දිනයේ දකුණු අප්‍රිකාවේ පැවැති පොදුරාජ්‍ය මණ්ඩලීය powerlifting තරගාවලියේදී එක් රිදී පදක්කමක් හා ලෝකඩ පදක්කම් දෙකක් දිනාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වී තිබෙනවා.

මෙහිදී රිදී පදක්කම දිනාගැනීමට සමත්වූයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක රන්සිළු ජයතිලක වන අතර එම තරගාවලියේදී 120+Kg බර පන්තිය යටතේ තරගවැදුනු ඔහු නව ශ්‍රී ලංකා වාර්ථා ද්විත්වයක් පිහිටුවීමට සමත්වී තිබෙනවා. එලෙසම එම බර පන්තියෙන්ම තරගවැදුන ඩැරින් වීරසිංහ විසින් මෙහිදී ලෝකඩ පදක්කමක් දිනාගැනීමට සමත්වී ඇති අතර  105Kg පන්තියෙන් තරගවැදුන ඉන්දික පරණගම විසින් තවත් ලෝකඩ පදක්කමක් දිනාගැනීමට සමත්වී තිබෙනවා.

මේ තරගයේදී මින් පෙර පැවැති equipped lifting අංශයෙන් රන්පදක්කම් 4ක් හා රිදී පදක්කම් තුනක්ද ඇතුළුව මුලු පදක්කම් 25ක් දිනාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වුණා.

www.thepapare.com ඇසුරිණි.