පොල්පතිගමදි අත්අඩංගුවට ගත් ඇත් දළ දළ පූට්ටුවාගේ බව ඇමති කියයි !

0
232

දළ පුට්ටුවා .odt

අත්අඩංගුවට ගත් දළ යුගලය දළ පූට්ටුවාගේ යැයි සැකකරන බව වනජිවි ඇමතිවරයා ඊයේ මාධ්‍යහමුවේ කියා තිබුණි.
දළ පූට්ටුවාගේ කපා වෙන්කර අලෙවි කිරීමට සූදානම් කර තිබූ දළ යුගලය පානදුර
, වලාන දූෂණ මර්ධන ඒකකය විසින් පොල්පිතිගමදි අත්අඩංගුවට ගනු ලැබුවේ ඉකුත් 22 වැනිදා ය.
සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන්ගෙන් සිදු කරන ලද ප්‍රශ්න කිරීම්වලට අනුව ඉදිරි පරීක්ෂණ ක්‍රියාත්මක බව පොලිසිය සඳහන් කරයි.මින් එක් අයෙකු ග්‍රාම නිළධාරියෙකු බවද කියැවේ .
ගල්ගමුව ප්‍රදේශයේ සැරිසැරූ දල පූට්ටුවා, මිය යන විට වයස 50 බව වනජිවි නිලධාරිහු පවසා සිටිති.
දඩයම්කරුවන් විසින් සිදු කළ වෙඩි තැබීමක් හේතුවෙන් මෙම සත්ත්වයාගේ දෑස් අන්ධ භාවයට පත් වී සිටි අතර, මෙම හස්තියා ජනතාව අතර දැඩි කතාබහකට ලක්වූයේ පසුගිය සමයේ කැකිරාව ප්‍රදේශයේ වාහන පෙළකට පහර දීම හේතුවෙනි.
ගල්ගමුව ප්‍රදේශයේ මාධ්‍යවේදින් කියා සිටින්නේ කලකට ඉහතදි මේ දළ පූට්ටුවාව සෝමාවතිය ප්‍රදේශයට ගෙනගොස් දැමුවද මාසයකුත් දින 10 ක් ඇතුලත නැවතත් සිය සුපුරුදු වාසභුමිය වු ගල්ගමුවට යළි පැමිණ තිබුණු බවය.
කැකිරාව ප්‍රදේශයේ වාහන පෙළකට පහර දිමේ සිදුවිම් දළ පූට්ටුවා සිය වාස භුමිය සොයා යළි පැමිණෙන අවස්ථාවේදි සිදුව තිබුණ බවද තවදුරටත් ඔවුහු කියා සිටිති.