පොලිසිය උසාවි ගියේ පල්ලියේ පාගමන සහ සැමරුම නවත්වන්නද ?.

0
253

(දෙවන සංස්කරණය )පාස්කු ඉරුදින ප්‍රහාරයට වසර 4ක් පිරීම නිමිති කොට ගෙන අද සහ හෙ⁣ට (21)වැඩසටහන් කිපයක් පැවැත්විමට නියමිතව තිබේ.

ජාතික ජන බලවේගයද පාගමනක් සහ රැළියක් හෙට දිනය වෙනුවෙන් සංවිධානය කර ඇත

මේ අතර පාස්කු ප්‍රහාරයේ සැමරුම් නවතා දමන ලෙස ඉල්ලා පොලිසිය උසාවි ගිය පුවත සම්බන්ධයෙන් අප කළ විමසුමකදි උසස් නිලධාරියෙකු මිපුරට කියා සිටියේ ආගමික නායකයන්ගේ සැමරුම් නවතන ලෙස ඉල්ලමින් නියෝග ලබා ගැනිමට පොලිසිය උසාවි ගිය බවට පළවන වාර්තා සත්‍යයෙන් තොර බවය.

ඒ අනුව ආගමික නායකත්වයේ මුලිකත්වයෙන් අද රාත්‍රියේ සහ හෙට දිනයේ පැවැත්වෙන පාගමන සහ සැමරුම් වැඩසටහන් වලට පොලිසියේ බාධාවක් නොමැති බව එම නිලධාරියා මීපුරට පැවසීය.

එමෙන්ම සෑම 21 වෙනිදාවකම මෙන්ම පාස්කු ප්‍රහාරයේ සිව්වන සැමරුම නිමිති කොට ගෙනද මිගමුව පුරවැසි එකතුව සිය විරෝධතාවය වෙනදා මෙන්ම කටුවාපිටියේ බාල්දි හංදියේදි පැවැත්වෙන එහි සංවිධායකවරියක් මිපුර අමතා කියා සිටියාය.

කෙසේ වෙතත් කව්රුන් හෝ විසින් වැරදි සහගත පුවතක් සමාජ මාධ්‍ය හරහා බෙදාහැරිමට පියවර ගෙන තිබුණි.මේ පුවතට අනුව පල්ලිය සංවිධානය කරනු ලබන පාගමනට එරෙහිවද පොලිසිය උසාවිය ගොස් ඇතැයි දැක්වේ.බොහෝ දෙනෙකු විසින් මෙහි ඇත්ත නැත්ත නොසොයාම බෙදාහැර තිබුණි.කොටින්ම කියන්නේ නම් මේ අසත්‍ය තොරතුරු පාදක කොට ගෙන දෝ කතෝලික සභාවේ මාධ්‍ය ප්‍රකාශක සිරිල් ගාමිණි පියතුමන් විසින් මාධ්‍ය හමුවේ මෙම වැරදි සහගත අදහස සමාජ ගත කර තිබුණි.

කෙසේ වෙතත් ජාතික ජනබලවේගය විසින් තෙල්වත්ත හංදියේ සිට පාගමනින් ගොස් මිගමුව නගරයට ගොස් ග්‍රින්පාක් පිටියේ පැවැත්වෙන රැළියට ඉ⁣ඩ ලබානොදෙන ලෙසත් ,එසේ වුවහොත් මහජනතාව පිඩාවක් ඇතිවන බව කියමින් පොලිසිය උසාවියෙන් කර තිබුන ඉල්ලිම උසාවිය විසින් අද ප්‍රතික්ෂේප කර තිබුණි.

මේ අතර ග්‍රින්පාක් පිටිය ලබාදිමට නොහැකි බව මිගමුව නාගරික කොමසාරිස්වරයා දැනුම් දි තිබිම හේතුවෙන් ජාතික ජන බලවෙිගයේ රැස්විම මිගමුව මහනගර සභාවේ පැවැත්වෙන බව එහි සංවිධායකවරයෙකු කියා සිටියේය.