පොලිසියට මිටර් 100යි ! මිගමුවේ චිකාගෝ පන්නයේ වැඩක් ?

0
67

කාමච්චෝඩේ ප්‍රදේශයේදි අද අලුයම චිකාගෝ පන්නයේ වැඩක් සිදුව තිබේ. වාහන 2 කක් , බැකෝ යන්ත්‍රයක්, ත්‍රිරෝද රථ කිපයක් සමගින් පැමිණි පිරිසක් කඩයක් කඩා දමා එහි වු බඩු, රැගෙන ගොස් ඇතැයි වාර්ථා වේ.,
අරුමය වන්නේ මෙසේ කඩා දමා ඇති මිරිස් මෝලක් පවත්නාගෙන ගිය ස්ථානයේ සිට මිගමුව පොලිසිය ඇත්තේ මිටර් 100 ක තරම් දුරක් විමය.
මෙම කඩ කැඩිල්ලේ මෙහෙයුම අලුයම 3 ට පමණ ඇරඹි ඇති අතර කාන්තාවන් දෙදෙනෙකුද ඊට එක්ව සිටි බව සිද්ධිය දුටුවන් පවසා සිටිති.
කඩය කැඩු පිරිස මුඛ ආවරණ වලට අමතරව පැළද සිටි හිස් වැසුම්ද උපයෝගි කොට ගෙන අන්‍යන්‍යතාවය තහවුරු කරගත නොහැකි ලෙසින් හැසිරි ඇත.
මෙම කඩයේ කුලිකරු සහ හිමිකරු අතර පසුගිය කාලය තුල යම් ආරවුලක් මතුව තිබුන බවද වාර්තා වන අතර එම සිදුවිමේදි මිගමුව මහනගර සභාවද මෙ ආරවුල මැදට එක්ව තිබුණි.,
එමෙන්ම ඇතැම් නාගරික මන්ත්‍රිවරුන් පවා මේ සිදුවිම අරභයා අතයට ගණුදෙනුවකට සම්බන්ධව සිටින බවට වු චෝදනාවන්ද අදාල කුලි කරු විසින් මෙන්ම ඇතැම් නාගරික මන්ත්‍රිවරුන්ද දැනටමත් හෙළිදරව් කර තිබේ.
කෙසේ වෙතත් මේ ආරවුලට අදාලව දැනටමත් පොලිසිය මැදිහත්විමෙන් අධිකරණය තුල නඩුයවක් ගොනු කර තිබියදි මේ කඩකැඩිල්ල සහ බඩු කොල්ල කෑම සිදුව තිබේ.
මෙම කඩය කඩා දැමු ස්ථානයට පැමිණ මිගමුව මහනගර සභාවේ නගාරික මන්ත්‍රි කපිල නන්දසුලෝචන කියා සිටියේ දෙපිරිසක් අතර කඩයක් පිළිබදව ඇති ආරවුලකට මහනගර සභාව අත දැම්මේ ඇයිදැයි සාධාරණ සැකයක් පවතින බවය.