පොලිසියේ පුර්ණ අධික්ෂණය යටතේ මිගමුවේ ලෙල්ලම් විවෘත කෙරේ…..

0
110

ලෙල්ලම5( 8.45 am )  සති 5 ක් හුදකලා නීතියට යටත් කර තිබුණ මිගමුව ඊයේ දිනයේ සිට නිදහස් කරන ලදි. මේ අතර මිගමුවේ ප්‍රධාතම ලෙල්ලම් 3 පිහිටා ඇති දුන්ගාල්පිටිය පොලිස් වසම තුල හුදකලා නීතිය සති කිපයකට පෙර සිටම ඉවත් කර තිබුණද ලෙල්ලම් විවෘත කිරිමට අවසර තිබුනේ නැත.,
එහෙත් මේ වන විට පුර්ණ පොලිස් අධික්ෂණය යටතේ  දුන්ගාල්පිටිය පොලිස් වසමේ පිහිටි ලෙල්ලම් විවෘත කිරිමට ඉඩ සලසා දි ඇතැයි දුන්ගාල්පිටිය මුලස්ථාන පොලිස් පරික්ෂක රණසිංහ මහතා මිපුර කළ විමසිමකදි  පවසා සිටියේය..
තතු මෙසේව තිබියදි වඩාත් ආරක්ෂාකාරි ලෙස මේ ලද අවස්ථාව ප්‍රයෝජනයට ගැනිම වෙළදාමේ යෙදෙන අයට මෙන්ම එහි යන සැමටද අදාල වේ.

දූව ලෙල්ලම
දූව ලෙල්ලම