පොහොට්ටුවෙන් ඉල්ලන හිටපු නාගරික මන්ත්‍රින් රැසක් පරාද වෙන ලකුණු ?

0
146

මීගමුව තුල මැතිවරණ උණුසුම දැන් කෙමෙන් ඉහල යමින් තිබේ.මේ අතර මෙවර මීගමුව තුල කොට්ටාශවලින් තරග කරන අපෙක්ෂකයන්ගෙන් ජයගන්නේ කව්රුන්ද යන්න ගැන විවිධ මට්ටම් වල විමර්ශනයන් දැන් සිදුවෙමින් තිබේ.
මීගමුව නගරය දශකයකටත් අධික කාලයක් තිස්සේ පාලන ය වුයේ රාජපක්ෂ රෙජිමයේ නියෝජිතයන් විසිනි.
එදා මෙදා තුර කාලයේ මෙහි හිටපු නාගරික මන්ත්‍රිවරුන් විසින් සිදුකරන්නට යෙදුන විවිධ දුෂණ වංචා ගැන දැන් පුලුල් සමාජ කථාබහක් මතුව තිබේ.

සිම්පල් කෙස් මෙවර දිනයිද ?සේපාල මොරවක
මීගමුව මහනගර සභාවේ සිම්පල් කේස් නමින් ප්‍රකට වු අයෙකු වෙයි. ඔහු කලක් නියෝජ්‍ය නගරාධිපතිධුරයද දැරුවෙකි.දළුපතින් තරග වදින සේපාල මොරවක මෙවර අන්ත පරාජයකට හිමිකම් කියන ලයිස්තුවේ ඉදිරියෙන්ම සිටින්නා ලෙස ද සැලකේ.
නියෝජ්‍ය නගරාධිපතිවරයාව සිටි සමයේ සතියකට සැරයක් පොළ ටෙන්ඩරය ගත් අය හමුවිමට ඉරිදාට ගිය බව දළුපතට පමණක් නොව මීගමුවටම ප්‍රසිද්ධ රහසකි.එපමණක් නොව නගර සභාවේ ආරක්ෂක අංශය විසින් මාසික නොකඩාවාම මුදලක් සේපාලක මොරවක වෙත ලැබුන බවද සැලය.
2016 මැයි මාසයේ දි ඇද හැලුන වැස්ස නිසා අනාථ වු පවුල් කිසිවෙකුත් දළුපත නැති පසුබිමකදි ඒ ප්‍රදේශයේ නාගරික මන්ත්‍රි සේපාල මොරවක මහතා පෙරියමුල්ල පල්ලියෙන් බත් පාර්සල් 30 ක් අරන් ගියේ කාට දෙන්නද යන ප්‍රශ්ණය පුළුල් කථා බහකට ඒ දිනවල ලක්ව තිබුණි.

කඩොල් කැලේ විනාශ කරපු දියහොද ඇලට අසුචි දාපු ඩන්ටිට මොකද වෙන්නේ ?
danty-

චණ්ඩි මන්ත්‍රි කෙනෙකු ලෙස සැලකෙන ඩන්ටි මෙවර නොකවුට්ම වෙන බව දැන් පැහැදිලි වෙමින් තිබේ.
මීගමුව නගරයේ හදවත බදුවු කඩොල් කැලෙන් අක්කර 8 ක් නිකරුනේ කපා විනාශ කිරිමේදි මුල්ව කටයුතු කර තිබුනේ ඩන්ටි විසිනි.එපමණක්ද නොව මීගමුවේ අසුචි දියහොද ඇලට මුදා හැරිම සම්බන්ධයෙන් ඒ අවට ගම්වැසියන් විසින් විරෝධය පළකර සිටියදි ඒ අයට තර්ජනය කිරිමට තරම් මැරයෙකු වුයේද ඩන්ටිය.
පසුගිය ඩෙංගු වසංගත සමයේ  දුමායන කටයුතු නියමිත පරිදි  දිනයොදා අදාල ප්‍රදේශවලට වෙන් කර තිබියදි තර්ජන කරමින් බලහත්කාරයෙන් දුමායන යන්ත්‍ර ගෙනවිත් සිය පාක්ෂික හිතවතුන් ගේ නිවෙස් වලට පමණක් දුමායනය සිදුකරගෙන තිබුනේ යන චෝදනාවද එල්ල වි තිබුණි.

මීගමුව මහනගර සභාවේ වසර 10 කටම කිසිදු වචනයක් කථා නොකළ නාගරික මන්ත්‍රිවරයෙකු වන බන්දුල නාඔටුන්නටත්  මෙවර ගෙදර යන්න වෙයි !

sarath Bandu
සිතියම් ගත ඇලක් වු තෝප්පුව ඇල ගොඩකර ව්‍යාපාරිකයෙකුට හෝටලයක් සදා ගැනිමට නිරන්තර සහය දිම සම්බන්ධයෙන් වන චෝදනාවක් බන්දුල නාඔටුන්නට එරෙහිව පවති.සරත් පිළේ ප්‍රබලයෙකු වන බන්දුල පරදින බවට නිමල් ලංසා පිළ විසින්ම මේ වන විටත් ප්‍රචාරයක් ගෙන යමින් සිටින බවද වාර්ථා වේ.
මේ අතර නිමල් ලංසා හා එක්ව සුනිල් සිල්වා මන්ත්‍රිවරයාගේ නිවසට පහර දිම සම්බන්ධයෙන් කණ්ඩායම් රැගෙන යාම සම්බන්ධයෙන්ද චෝදනා ලැබ සිටි.
බන්දුල නාඔටුන්න තවත් වාර්ථාවක් තබා ඇත.එනම් ගෙවුන වසර 10 ක කාලය තුල මීගමුව මහනගර සභාව තුල කිසිදු වචනයක් කථාකර නැත.එපමණක් නොව කිසියම් සිදුවිමක් අරඹයා මාස 3 ක් මහසභා රැස්විම් වලට සභභාගිව නොවිම නිසා ඔහුගේ මන්ත්‍රිධුරය අහෝසි වු තැන යළිත් මුරුතැන ප්‍රදේශයේ වින්තක නම් වු මන්ත්‍රිවරයෙකු මගින් නිමල් ලංසා හමුවි වැදවැටි යළිත් මන්ත්‍රිධුරය ලබාගෙන තිබුණ කථාවද අද ප්‍රසිද්ධ කරමින් තිබෙන්නේද ලංසා පාර්ශවය විසින්මය.
එපමණක් නොව බන්දුල නාඔටුන්න යනු මහකම්මැලියෙකු යැයිද එළිවෙනකම් නිදාගන්නා අයෙකු බවත් නානකාමරයට ගියද එහි පැයගණන් ගතකරන්නෙකු බවත් එවැනි අය ජනතාවට සේවය කරන්නේ කෙසේදැයි ප්‍රශ්ණ කර සිටින්නේ ද නිමල් ලංසා විසින්ම බව මේ දිනවල අපට වඩාත් විශ්වාස කටයුතු ආරංචි මාර්ගවලින් දැනගන්නට තිබේ.

කොයිතරම් සල්ලි විසිකළත් දයාන් ගොඩදාන්න නිමල්ට හැකිවෙයි ද?nimal dayan
මේ වන විට විශාල මුදල් ධනස්කන්දයක් වැය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රි නිමල් ලංසා විසින්ම ගෙවල් ගානේ යමින් බඩු බෙදමින් මැතිවරණ නීති කඩමින් ගෙන යන මැතිවරණ ව්‍යාපාරය පෙනුමට තිබුණද එම කොට්ටාශයෙන් ඉදිරිපත් ඇති වෘත්තියෙන් වෛද්‍යවරයෙකු වන පළාත් පාලනය පිළිබද විශේෂ ඩිප්ලෝමාවක්ද හදාරා ඇති හෙන්රි රොසයිරෝ දැනටමත් ඉදිරියෙන් සිටි.
අඩුම තරමින් අපොස සාමාන්‍ය පෙළවත් සමත් නැති දයාන් ලංසා හට දැනටමත් එල්ල වි ඇති විශාල චෝදනා රැසක් හමුවේ ඔහුගේ පරාජය දැනටමත් සනිටුහන් වි හමාරය.විශේෂයෙන්ම ධිවරයන්ගේ තිරාණාත්මක අරගල දෙකකදි ලංසා පවුලේ ගත්තේ ධිවරයන්ට විරුද්ධ පැත්තය.
එනම් තෙල් මිළ අඩුකිරිම සහ දකුණෙන් ගෙන එන ලින්නා සහ පොතුබරි පිළිබදව සටනේද නිමල් ලංසා මෙන්ම දයාන් ලංසාද ධිවරයන්ට එරෙහි ස්ථාවරක් ගැනිමට දයාන් ලංසාගේ පරාජයෙ ප්‍රබල හේතුව වි තිබේ.
එපමණක් නොව කතෝලික පල්ලියේ පියතුමන්ලා විසින් පසුගිය පළාත් පාලන මැතිවරණයේදි දයාන් ලංසාව ප්‍රතික්ෂේප කිරිමද වැල්ලවිදියේ කිතුණු ජනතාව තුල තවමත් තදින්ම පැළපදියම්ව පවති.

දයාල්ව පරද්දන්න නිමල් ලංසාගෙන්  කුමන්ත්‍රණයක්  ????Dayal Nilanga 1
දයාල් ලංසාව පරාජය කිරිම සදහා නිමල් ලංසා විසින්ම ස්වාධින කණ්ඩායම් බෞද්ධ අපේක්ෂකයෙකු යොදවා ඔහුට ඇති පදමින් මුදල් දි හිටපු නාගරික මන්ත්‍රි  දායල්ලංසා පරාජය කිරිමට සියුම් කුමන්ත්‍රණයක් දියත් කොට තිබේ.
ගම අතහැර පැමිණි දයාන් ලංසාගේ  රු කෝටි 3 නේ මාළිගාව පිහිටා ඇත්තේද හිටපු නාගරික මන්ත්‍රි දායල් නිලංගගේ නිවස ඉදිරිපිටය.
දැන් ලංසාට අවැසිව ඇත්තේ දයාල් නිලංගව කෙසේ පරාජය කර තමන්ට එහෙයි කිව හැකි මන්ත්‍රින් පිරිසක් හදාගැනිමටය.
එමෙන්ම දයාල්ගේ ඡන්ද පදනම කෙසේ හෝ දයාන් ලංසා හට ලබාදිමටය.
මේ පසුබිම යටතේ අගුරුකාරමුල්ල ප්‍රදේශයෙන් තරග වදින දයාල් නිලංගද මෙවර සිය කොට්ටාශයෙන් දිනාගැනිමේ බරපතල අර්බුදයකට මුහුණ සි සිටි.

දූව ජයගැනිමට හර්මන්ට බැරිලු…..Herman K 2
හිටපු නගරාපතිවරයෙකු වන හර්මන් කුරේරා මෙවර තරග කරන්නේ දූව කොට්ටාශයෙනි.එහි එජාපෙන් තරග වදින ජව සම්පන්න තරුණ ධිවර නායකයෙකු වන හිටපු නගරික මන්ත්‍රි සංගිත් පෙරේරා සැමදාම පවතින අති ඉහල ජනප්‍රියතාවය නිසා පොහොට්ටුවෙන් තරග වදින හර්මන් කුරේරාද පරදින බව දැනට කලක පටන්ම තහවුරු වි තිබේ.

ඇන්ටනි ජයවීර ගොඩයයිද. ?jayaweera
දැනට අප විසින් කරන ලද විමර්ශනයන්ට අදාලව හිටපු නගරාධිපති ඇන්ටනි ජයවිර මහතා පවා සිටින්නේ අවදානම් කලාපයක බව වාර්ථා වේ.