පොහොට්ටුවේ මීගමු අර්බුදය ! සරත් , ජයවීර ගැටුම උග්‍ර අතට ?

0
76

sarath and nimalnew
මීගමුව තුළ මීගමුව ආසනයේ පොදුජන පෙරමුණේ සංවිධායකවරයෙකු මේ වනතෙක් පත්කර නොමැති අතර මැතිවරණ කටයුතු වෙනුවෙන් සාමාජිකයන් බැදවීම ඇතුළු ක්‍රියාකාරකම් වෙනුවෙන් කමිටුවක්  පත්කරගෙන ඒ හරහා අදාල කටයුතු සම්බන්ධිකරණය වෙමින්  ඇති බව වාර්තා වේ.
එහෙත් මේ කමිටුව තුළද දේශපාලන වශයෙන් යම් භේදකාරී ක්‍රියාකාරකම් උත්සන්න වමින් පවති
ඊයේ දිනයේදි පිටිපනදි සරත් ගුණරත්න මහතාගේ කැදවීමෙන් පැවති රැස්වීමකදී  සරත් ජයවීර ගැටුම  තවදුරටත් උත්සනව ඇති බව එහි පැමිණ සිටි සැමට යළිත් වරක් අවබෝධකරගන්නට ඉඩ සලැසි තිබුණි.
රාජපක්ෂ පාලනය යනු මීගමුව තුල අති දුෂිත නගර පාලනයක් බිහිකරන්නට මුල්වු සමයකි.
මීගමුවේ ශ්‍රිලනිප ජේෂ්ඨයෙකු වු සරත් ගුණරත්නට අද සිදුව ඇත්තේ මේ දුෂිතයන් අතරින්
අංක එකේ දූෂිත දේශපාලන චරිතය දිනවීමේ කොන්ත්‍රාත්තුවට භාරගැනිමටය.
අයියා මලෝ දේශපාලනය වැඩි ඡන්ද 30000 කින් මීගමුවේන් මුළුමනින්ම අතුගා දමා තිබියදි ඒ මජර දේශපාලකයන්ට ආවැඩිමට  සරත් ගුණරත්නට සිදුව විම ගැන ඇත්තටම කණගාටු වන බව ශ්‍රිලනිප ජේෂ්ඨයෙකු මීපුරට පවසා සිටියේය.