spot_img
spot_img
Thursday, December 12, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

බට් වාහන වංචාවට අනුබල දුන් තවත් අයෙක් අත්අඩංගුවට ! බට් මුදලාලිලා මිසින් !පැද්ද අය තවමත් නිදැල්ලේ ?

Must read

( 12.30 pm ) මීට සති ගානකට ඉහත කටාන පොලිසිය විසින් බට් කරපු  v8 එකක් මිරිස්වත්ත කිඹුලාපිටියෙ  පැත්තේ ගෙදරක නතර කරල තියෙද්දි අත්අඩංගුවට ගත්තා.පොලිසිය කියපු විදියට මේ බට් ජිප් එක හංගල තිබුනේ කටියල කිඹුලාපිටියේ ගෙදරක .මේ ක අත්අඩංගුවට ගත්තේ ඔක්තෝබර් මාසේ 27 වෙනිදා

ඒ කියන්නේ මාසෙකුත් සති දෙකක් දැන් ඉවරයි . පොලිසිය පසුගිය දවස් වල කිප දෙනෙකු අත්අඩංගුවට ගත්තා . හැබැයි බැලුවම එයාල හාල්මැස්සෝ .තෝරු මෝරු තාම මිසින් ,

පොලිසිය කියල තියෙන විදියට ඊයෙත් කෙනෙක් අත්අඩංගුවට අරන් මේ බට් ගේමට අනුබල දුන්නා කියල . එයාව හෙට උසාවි දානව.

මේ බට් වි 8 එක වරින් වර කොටස් ආනයනය කරල එකලස් කරපු එකක් කියල රජයේ රස පරික්ෂක වාර්තාවෙනුත් හෙළි වෙලා තියෙනව .

වැඩේ කියන්නේ ඇත්ත අයිතිකාරයා මිසින් හින්ද එක එකා පහුගිය කාලේ ව්‍යාජ ලියවිල හදාගෙන ඇවිත් මේකේ අයිතිය කියන්න හැදුව කියලත් ආරංචි වුනා. ඔන්න දැන් එහෙම කෙනෙක්වත් ඊයේ අත්ඩංගුවට අරන් තිබුණ.

රාජපක්ෂ රෙජිමය කාලේ මේ බට් වාහන මගඩිය සරුවටම කෙරුනා. ඒව කරපු අය ප්‍රකෝටිපතියෝ වුනා
සුපිරි හෝටල් හත අට සුපිරිම වාහන ගොන්නක් තියාගන්නේ කොහොමද උත්සව වලට බත් පිඟන් විකුණලා ,

එයාල සුපිරි කෝටිපතියෝ වෙලා තියෙන්නේ වංගු ගහලම තමයි .

මේ වංගුවලින් ගොඩගිය මිගමුවේ දේශපාලන පවුලෙ අයත් මේ බට් වාහන පැද්දා. ඔය කටානේ පොලිසියෙන් අල්ලු එකත් පැදපු අය ඒ පවුලේ ඉන්නවා. ඒ විතරක් නෙමේ එයාගේ දේශපාලන හිතුවතුන්ගේ මඟුල් තුලා වලට මේ වාහනය දිල තිබුන කියල දැන් ඔප්පු වෙලා හමාරයි .

වැඩේ කියන්නේ මේ වාහනය දුවල තිබුනේ හොර අංක තහඩු ගහගෙන. කොහොම උනත් දැන් මේ බට් වාහන මාෆියාවේ මුදලාලිත් මිසින් . මේක හතර වටේ පැද්ද අයයි  දේශපාලන හෙංචයින්ගේ මගුල් ගෙවල් වලටත් දුන්න අයයි තාමත් නිදැල්ලේ.

හාල්මැස්සො අහුවෙනවා හැබැයි තෝරු මෝරු තාමන් පැන පැන ඉන්නවා. හොර අංක තහඩු ගහගෙන බයක් නැතුව බට් වාහන එලවපු උන් තාමත් නිදැල්ලේ . කොහොමද ඒක ?

මේක මිගමුවේ කුපකට සුපිරි හෝටල්හිමිකරුවෙකුට අයත් එකක් කියලත් ආරංචි පැතිරුනා.හැබැයි පොලිසිය හරිම මන්දගාමි විදියකට මේකේ විමර්ශන කරගෙන ගියෙ කියල විවේචනත් තිබුනා.

සමහර අය කිව්වේ හෝටල්කාරයන්ගෙන් කාපු බිපු අයට එහෙම කඩිමුඩියේ මේ බඩ් වාහන මුදලාලිලව අත්අඩංගුවට ගන්නත් හිතදෙනේනේ නැතුව ඇති කියල..

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article