බදු ගෙවන ජනයා වෙනුවෙන් ගෙනා යෝජනා හලන අපුරු නගරාධිපති ?

0
153

පිරිසිදු නගරයක් පවත්වාගෙන යාමේ වගකිම පැවරි ඇති පළාත් පාලන ආයතන ගණනාවක් අද සිටින්නේ අපිරිසිදු පාලකයන් බහුතරයකි. ඉනුත් මිගමුව අංක 01 ට කප් ගසා හමාරය.
බදු ගෙවන ජනයාගේ බදු සල්ලි පුද්ගලික බුදල් සේ සලකා අතදිගහැර පවුලේ පැවැත්මට වැය කළ ප්‍රධාන පුරවැසියෙකු සිටින ප්‍රධානතම නගරය වන්නේද මිගමුව විය හැකිය.

නිතියට පිටින් පවුලේ උවමනාව නිතිය බවට පත්කරගත් මිගමුව මහනගර සභාවේ නගරාධිපති දයාන් ලංසා බදුගෙවන ජනයාට පස්ස පැත්තම හරමින් සිටින අතරේ තවත් සිදුවිමක් ඊයේ පැවති මහසභා රැස්විමේදද වාර්තා විය.

ඒනම් එජාප නාගරික මන්ත්‍රි සුමිත් ප්‍රනාන්දු විසින් පසුගිය සභාවේදි ගෙන යා යෝජනාවක් වු වැරදි නඩු වලට මහජන බදු මුදල් වලින් නීතිඥයන්ට මුදල් ගෙවිම නොකළ යුතුය යන්න ඔහු විසින් ගෙන ආ යෝජනාව වි තිබුණි.

එයට පසුබිම් වි තිබුනේ නගරාධිපති දයාන් ලංසාගේ පියාට මිගමුවෙ වෙරළ උද්‍යාන ටෙන්ඩරය ලබාදිම වෙනුවෙන් නිතිය නමා පළාත් පාලන නිති රෙගුලාසිවලට පටහැනිව ටෙන්ඩර් නොකරම ලබාදිමට කටයුතු කර තිබිමය. එය අභියෝගයට ලක්කරමින් විපක්ෂයේ ප්‍රගතිශිලි මන්ත්‍රි කන්ඩායම විසින් ශ්‍රෙෂ්ඨාධිකරණයට නඩුවක් ගොනුකර තිබුණි.

ශ්‍රේෂ්ඨාධිකරණය තින්දුව ප්‍රකාශයට පත්කරමින් කියා තිබුනේ ඒකි ටෙන්ඩර් ප්‍රසම්පාදන ක්‍රියාවලියට යටත් යළිත් ටෙන්ඩර් කළයුතු බවය.
ඒවැනි නඩුවලට මහජන බදු මුදලින් නිතිඥයන්ට මුදල් ගෙවිම නොකළ යුතු යැයි ඒදා නාගරික මන්ත්‍රි සුමිත් විසින් ගෙන ආ යෝජනාව ගැන කිසිදු සදහන් ඊයේ පැවැති මහසභා වාර්තාවේ අඩංගු වි තිබුනෙ නැත.

දුෂිතම දේශපාලකයන් වෙනුවෙන් නිතිය නමන පිටකොදු නැති නිලධාරින් පිරිසක් සිටිමද මේ නගරයේ ශාපයක් යැයි නම සදහන් කිරිමට අකමැති වු ආණ්ඩු පක්ෂයේම දේශපාලකයෙකු මිපුරට කියා සිටියේය.