බන්ධනාගාර ප්‍රතිසංස්කරණ රාජ්‍ය ඇමති ලොහාන් රත්වත්තේ බීමත්ව අනුරාධපුර පුද බිමේ යකා නටයි

0
92
 Lohan

 

( 10.00.am ) පසුගිය 05 වෙනිදා මධ්‍යම රාත්‍රියේ කොට කලිසමකින් සහ ටී ෂර්ට් එකකින් සැරසී සිය පවුලේ සාමාජිකයින් සහ ආරක්ෂක නිලධාරින් සමග අධික ලෙස බීමත්ව රුවන්වැලි සෑ පුද බිමට පැමිණ ඇති රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේට එහි ආරක්ෂක රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරින් විසින් අවේලාවේ එම පුජා භූමියට ඇතුළුවීමට අවසර නොදීම නිසා කුපිත වී එම පොලිස් නිලධාරීන්ට බැන වැදුණු පුවතක් lankathruth වෙබ් වාර්තා කොට තිබේ

රුවන්වැලි සෑය වන්දනා කිරීමට බැතිමතුන්ට දිනපතා රාත්‍රී 10.00 වනතෙක් අවස්ථාව ලබා දෙන අතර ඉන්පසු එහි කිසිවෙකුටත් ඇතුළුවීමට නොහැකිවන ලෙස පොලිසිය විසින් ප්‍රධාන පිවිසුම් දොරටුවල ඉබි යතුරු දමා වසා දමා එම යතුරු සිය භාරයට ගැනීම සිදු කරති. එසේ තිබියදී අදාළ අමාත්‍යවරයා එදින මධ්‍යම රාත්‍රී 12.00 ට පමණ සිය පවුලේ ඥාතින් සහ ආරක්ෂක නිලධාරීන් ඇතුළු දොළොස් දෙනෙකුගෙන් පමණ සමන්විත කණ්ඩායමක් සමග රුවන්වැලි සෑය වන්දනා කිරීමට පැමිණ ඇතැයි එහි වැඩිදුරටත් සදහන්ය

පුදබිමට ඇතුළුවීමට සංඝමිත්තා මාවත දෙසින් ඉදි කොට තිබෙන තොරණ සහිත පිවිසුමෙන් ඇතුළුවීමට පැමිණි රාජ්‍ය අමාත්‍යවරයා එහි ආරක්ෂක රාජකාරියේ නිරතව සිට ඇති පොලිස් නිලධාරීන්ට තමන්ව හඳුන්වා දී තමන් ඇතුළු පිරිසට රුවන්වැලිමහසෑය වන්දනා කිරීමට යාමට අවශ්‍ය බව පවසා තිබේ. එම අවස්ථාවේ එහි සිටි පොලිස් නිලධාරින් සෑම දිනකම රාත්‍රී 10.00 න් පසු මහසෑ භූමියට වසා දමන බැවින් ඊට අවසර දිය නොහැකි බව ඇමතිවරයාට පවසා ඇත.

“යකෝ මම ඇමති කෙනෙක්. ඇමති කෙනෙක්ට රුවන්වැලිසෑය වඳින්න දෙන්නෙ නැත් නම් කවුද යකෝ වඳින්නෙ. එන්න කියාපියව් තොපේ මහ එකාට”

ඉන් කෝප වූ රාජ්‍ය අමාත්‍යවරයා “යකෝ මම ඇමති කෙනෙක්. ඇමති කෙනෙක්ට රුවන්වැලිසෑය වඳින්න දෙන්නෙ නැත් නම් කවුද යකෝ වඳින්නෙ. එන්න කියාපියව් තොපේ මහ එකාට” යනුවෙන් බැන වැදී ඇත. ඉන් පසුව ඔහු බලහත්කාරයෙන් ස්වර්ණමාලි මහ සෑ විහාරස්ථානයේ ආවාස ගෙය දෙසින් පුද බිමට ඇතුළුවීමට උත්සාහ දරා ඇතත් එසේ ඇතුළු වීමට හැකියාවක් ලැබී නොමැත.

වෙරි මරගාතේ බිම ඇදවැටුන රාජ්‍ය ඇමති

එම අවස්ථාවේ අධික ලෙස බීමත්ව සිටි රාජ්‍ය ඇමතිවරයා වාරු නොමැතිව වරක් බිම ඇද වැටී ඇතැයිද පැවසේ. පසුව එහි මුරපොලේ සේවයෙහි නිරත පොලිස් නිලධාරින් මෙම සිදුවීම සම්බන්ධයෙන් උඩමළුව පොලිස් ස්ථානයට වාර්තා කොට ඇති අතර මේ බව පොලිස් නිලධාරින් විසින් පසුදින ස්වර්ණමාලි මහසෑ විහාරාධිකාරී පුජ්‍ය පල්ලෙගම් හේමරතන නාහිමිපාණන් වහන්සේටද දන්වා තිබේ.

පූජ්‍ය පල්ලේගම හේමරතන හිමියන්ගේ පැමිණිල්ල 

මේ පිළිබඳව පූජ්‍ය පල්ලේගම හේමරතන හිමියන්ගෙන් අප කළ විමසීමකදී තමන් වහන්සේට මේ ගැන පොලිස් නිලධාරීන් දැනුම් දුන් බවත් එම සිද්ධිය සම්බන්ධයෙන් අවශ්‍ය විමර්ශනයක් සිදුකරන ලෙස උන්වහන්සේ අදාළ වගකිවයුතු බලධාරීන්ගෙන් ඉල්ලා ඇති බවත් උන්වහන්සේ පැවසීය.
මෙසේ රුවන්වැලි සෑ පුදබිමේ යකා නැටු රාජ්‍ය ඇමති බන්ධනාගාර ප්‍රතිසංස්කරණ රාජ්‍ය  ඇමති ලෙසින් පසුගිය සතියේ දිවුරුම් දි තිබුන අතර ජාතිවාදි ගැටුම් ඇතිකිරිමේ වරදට බන්ධනාගාර ගතවි සිටි අයෙකුද වෙයි

2001 වසරේ දෙසැම්බර් මස 05 වැනි දින මහ මැතිවරණ දිනයේ දී මහනුවර උඩතලවින්න ප‍්‍රදේශයේ දී මුස්ලිම් තරුණයන් දස දෙනකු මරා දැමීමට අදාළ නඩුවේ විත්තිකරුවන්ව සිටි ජෙනරාල් අනුරුද්ධ රත්වත්තේ මහතා, ලොහාන් රත්වත්තේ සහ චානුක රත්වත්තේ යන අයටද චෝදනා එල්ලව තිබුණි