බම්බුකුලියේ සිසුන් දෙදෙනෙකු මා – ඔයට බිලි වේ

0
441

කොච්චිකඩේ බම්බුකුලිය ප්‍රෙද්ශයේ දී  පසුගිය 06 වනදා මා ඔයේ දිය නෑමට ගිය පහලොස් හැවිිරිදි සිසුන් දෙදෙනෙකු දියේ ගිලී ඇති බව වාර්තා වේ. මේ වනවිට දෙදෙනාගේම සිරුරු ගොඩගෙන ඇති අතර  මෙම සිදුවීම සිදුවී ඇත්තේ 06 වනදා සවස 3.00ට පමණ වේ. වාර්තා වන අන්දමට බම්බුකුලිය දොස්තර වල ප්‍රදේශයෙන් දිය නෑමට  මොවුන් දෙදෙනා දියට බැස ඇති අතර ටික වේලාවකින් අතුරුදහන්වී තිබේ.  ඒ අනුව ප්‍රදේශවාසීන් හා නාවුක හමුදාව ඒක්ව දරුවන් දෙදෙනා සෙවිමට මෙහෙයුමක් දියත් කර ඇත. දරුවන් දෙදෙනා දිය නෑමට බැස ඇති ස්ථානය වැලි හෑරීම නිසා ගැඹුරු වලක් සෑදී ඇති බවද  මෙහෙයුම් දියත් කිරීමේදී  දැනගන්නට ලැබී ඇත. මේ වනවිට මෙම සිසුන් දෙදෙනාගේ සිරුරු පශ්චාත් මරණ පරික්ෂනය සදහා යොමුකර ඇත.

ඡායාරූප – ලාල් ලක්ෂමන්