බල්ලන්ට ගිය කොටුව පිට්ටනිය

0
420

කොටුව පිට්ටනිය මීගමුව නගරයට ඇති ප්‍රධාන ක්‍රීඩා පිටියකි. මෙම ක්‍රීඩා පිටිය
තිබෙන්නේ  මීගමුවේ  මාළු ලෙල්ලම හා මීගමුව අධිකරණයට යාබදවය.  සවස් කාලයේදී මීගමුව නගරයේ  බොහෝ දෙනා  මෙම ක්‍රීඩා පිටිය  වටරවුමේ  ව්‍යායාම කරති. මෙම ප්‍රදේශය කුට්ටිදූව ලෙස හැදින්වෙයි.
එමෙන්ම කොටුව පිටිටනිය  පාසල් දරුවන්ට  මෙන්ම  ක්‍රීඩා සමාජ වලට ක්‍රීඩා කිරිම සදහා පහසුකම් වලින් සමන්විත වුවත් අද එහි පවතින තත්ත්වය කණගාටුදායකය. නිසි නඩත්තුවක් නොමැතිව අභාවයට ගොස් ඇති මෙම ක්‍රිඩා පිටිය අවට දහවල් කාලයේදී  එම  පරිසරය ඉතා අපිරිසිදු  මෙන්ම අපිලිවෙලය.

එමෙන්ම එම පරිසරය  අයාලේ යන සුනඛයන්ගේ නවාතැන්පළක් වී ඇත. ක්‍රීඩාකරන්නන්  සදහා පාවිච්ි කිරීමට සකසා ඇති ගොඩනැගිලි ද අභාවයට ගොස්ය. මේ පිලිබදව වගකිවයුත්තන්ගේ අවධානය මෙතෙක් යොමුවී නොමැතිවීම අවාසනාවන්ත තත්ත්වයකි.

ජායා සහ සටහන
නිෂාන්ත වීරසිංහ