මේ බේදනිය පුවත අපට වාර්ථා වන්නේ මීගමුව පිටිපන ප්‍රදේශයෙනි.එහි තනිව ජිවත්වු වයස්ගත අවිවාහක කතකි. වාර්ථා වන අන්දමට ඇගේ පවුලේ 11 දෙනෙකි.ඒ අය සිටින්නේද ඇගේ මේ නිවස අවටමය.
සැමදිනකම උදෑසන වත්තේ සියළු වල්පැල ගලවා ඉතා පිරිසිදු ලෙසින් එය අතුගා තබාගැනිම ඇගේ සිරිතවිය.
අවසන් වරට අසල්වැසියන් ඇය දැක තිබුනේ මාර්තු 24 වන ඉරැදිනයි.ඒ ඇය දේවස්ථානයට ගොස් පැමිණෙන අතරේදිය.
ඇය විසින් අසල්වැසි නිවසකට පවසා තිබුනේ අැයට දැල්ලන් මිළට ගැනිමට ඇවැසි බවය. අදාල නිවැසියන් දැල්ලන් අැයට දිමට දින කිපයක්ම අැෙග් ජංගම දුරකථනයට ඇමතුම් ලබාදුන්නද පිළිතුරු ලැබුනේ නැත.
පසුව ඔවුන් නිවස අවටට පැමින විපරම් කළද ගේට්ටුවටද ඉබ්බන් දමා තිබුන හෙයින්ද ඒ නිවසේ බල්ලා වසයෙක් විම නිසා ඇතුලට යන්නටද උත්සාහ ගෙන තිබුනේ නැත.
මේ අවට ගැවසෙන අයට දැනුනේ ඉවසා ගත නොහැකි දුර්ගන්ධයක් අවට පැතිර යමින් තිබුන බවයි.
පසුව මේ අය අර මහළු කතගේ සොහොයුරෙකුට දන්වා තිබුනේ දින කිපයක සිට ඔහුගේ සොහොයුරිය ගැන කිසිදු තොරතුරක් නොමැති බවය.
තමන් ඇය හා හිතහොද නැති නිසා වෙනත් සොහොයුරෙකුට ඒ ගැන දන්වන ලෙස ඔහු විසින් ඉල්ලා තිබුණි.නිවැසියන් ද එසේම කර ඇත.
.ඒ සොහොයුරා පැමිණ බලා ඇතිවු සැකය මත පොලිසිය ගෙන්වා ගේට්ටු දොරවල් කඩා බලන විට ඇද මතම ඇය මියගොස් තිබුණි.නිල මැස්සන්ගෙන් මේ නිවස පිරි ගොස් තිබුණි.
ඒ මාර්තු 30 වනදාය.
කව්රුත් නොදැන සිටි මේ මළ ගෙදර දින 5 ක්පුරා තනි රැක්ක අයෙක් විය.කුසට අහරක් නැතත් ඌ ඇගේ ස්වාමිදුව තනිකර දමා ගොස් තිබුනේ නැත.
ඒ ඇගේ හිතේශිවන්තයා වු බල්ලාය.