බලු වෑන් එකට ගම්මුන්ගෙන් ප්‍රහාරයක්, ස්ථාන මාරුව අහෝසියි….?

0
455
image from flker-www.flickr.com/photos
A pack of street dogs enjoying winter morning sun on Sunday, 21st Dec.’08 at Hewett Road, Lucknow

මීගමුව රෝහලේ අයාලේ යන සුනඛයින් රෝහල් පරිශ්‍රයෙන් ඉවත් කිරීමට අද උදෑසන ක්‍රියාත්මක වූ විශේෂ බලු මෙහෙයුම අතරමග  නතර කරන්නට බලධාරීන්ට සිදුවී ඇත.  එයට හේතුව වන්නේ  ‍ෙමම සුනඛයන් රැගත්  ඩීමෝ  බට්ටා රථය කදිරාන ප්‍රදේශයේ පිහිටි සංවර්ධන වත්තට  මුදාහැරීමට දැරෑ උත්සාහයේ දී එයට එරෙහිව ක්‍රියාත්මක වූ ගම්වැසියන් රථයටද එහි සිටි කම්කරැවන්ටද පහර දීමට පටන් ගැනීම හේතුවෙනි.මේ නිසා සුනඛයන් පටවා ගත් රථයට නැවත මීගමු රෝහලට පැමිණීමට  සිදුවී ඇත.  මීගමුව රෝහල් අධිකාරිවරයා විසින් පවසා ඇත්තේ පන්නල ප්‍රෙද්ශයේ ඇති කංකාණිමුල්ල රක්ෂිතට මෙම සුනඛයන් අතහැර දමන්නට වුවත් අදාළ රාජකාරිය බාරගත් උදවියට කිසියම් පැටලවිල්ලක් සිදුවී ඇති බවත් වාර්තා වේ.