බවුසරයේ හැපි යතුරු පැදියේ ආ තරුණයා එතනම මිය යයි.

0
73

ඊයේ (14දා)  සවස  4.00ට  පමණ  කොටදෙනියාව  පොලිස්   වසමේ   වල්පිට  යොවුන්  සේනාංකය   ඉදිරිපිට   ඇති  ප්‍රධාන  පාරේ   සිදුවූ  රිය  අනතුරකින්   තරුණයෙක්  මියගොස්  ඇත.

බවුසරය   සහ  යතුරුපැදිය   පැමිණ  ඇත්තේ  කුරුණෑගල   දෙසිනි.   යතුරුපැදියෙන්   පැමිණි   පුද්ගලයා  බවුසරය   වමෙන්  ඉස්සර   කරන්නට  යාමේදී   පෙරලී  ගොස්   බවුසරයේ  පිටුපස  රෝදයට  යටවීමෙන්  ඔහුගේ  හිස  හෙල්මට්  එකත්  සමග  කුඩුවී    ඔහු   එතනම  මියගොස්  ඇත. මෙසේ   මියගොස්  ඇත්තේ  වයස  අවුරුදු  20ක්   පමණවූ   මාවනැල්ල   ප්‍රදේශයේ  තරුණයෙකි. වික්‍රමසිංහ  මහතා   තවදුරටත්  මේ  ගැන  පැහැදිළි  කරමින්  ප්‍රකාශකළේ    මෙම  තරුණයාට  රියදුරු  බලපත්‍රයක්   නැති  බවත්, මෙය  ඔහුගේ  වැරැද්ද  මත  සිදුවූවක්   බවත්ය. මේවනවිට  තරුණයාගේ   මළ සිරුර   දඹදෙනිය  රෝහලේ  මෘතශරීරාගාරයේ   තැන්පත්  කර  ඇති අතර  වයස  අවුරුදු   48ක්  පමණවූ  රියදුරු   අත්අඩංගුවට   ගෙන ඇත. මියගිය  තරුණයාගේ  පශ්චාත්  මරණ  පරීක්ෂණ  කටයුතු   අදදින  සිදුකරන  බව කොටදෙනියාව  පොලීසියේ  ස්ථානාධිපති   D D    වික්‍රමසිංහ  මහතා  අප  සමග  පැවසීය.
කොටදෙනියාව  පොලීසියේ  ස්ථානාධිපති   D D  වික්‍රමසිංහ  මහතා සහ   පොලිස්  පරීක්ෂක  සුරංග  මහතා  මෙම  රිය අනතුර  පිළිබදව  අදාල  පරීක්ෂණ  කටයුතු  සිදුකර ඇත.