බස් රියදුරෙකුට පහර දුන් මැරයන් තවමත් නිදැල්ලේ ! පොලීසිය නිහඩයි….?

0
72
ප්‍රහාරයට පැමිණි මැරයන්
ප්‍රහාරයට පැමිණි මැරයන්
ප්‍රහාරයට පැමිණි මැරයන්

පසුගිය සෙනසුරාදා බස් කාලසටහනක පළහිලව්වක් මත මීගමුව තලෙයිමන්නාරම් බස් රථයේ රියදුරාට දළුවකොටුව ප්‍රදේශයේදි එල්ලවු මැර ප්‍රහාරයක් පිළිබඳව ලැබුනු ආරංචිය මත කොච්චිකඩේ පොලීසිය ඇමතූ අතර පහරකෑ පුද්ගලයා රෝහලට ඇතුලත් කළ බවත් ප්‍රහාරය එල්ලකල අය අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බවත්, කොච්චිකඩේ පොලීසිය විසින් ප්‍රකාශ කරනලදී. ඒ පසුගිය සෙනසුරාදා රාත්‍රියේදි අප කළ විමසුමකදිය
මෙම පහරදීමට ත්‍රිරෝද රථයකින් සහ යතුරුපැදි දෙකකින් කිහිප දෙනෙකු පැමිණ ඇති අතර මේ සදහා ප්‍රදේශයේ දේශපාලකයෙකුද සහ ඔහුගේ පුතෙකු සම්බන්ධ බවද කියැවේ.

මේ පහරදීමට අදාලව ප්‍රහාරය එල්ල කලවුන් අත්අඩංගුවට ගත්තේදැයි දැනගැනීම සදහා අද සවස අප කොච්චිකඩේ පොලීසිය ඇමතූ අතර දුරකතනයේ සිටි අය (කාන්තාවක්) 0719161137 යනඅංකයට මල්දෙනිය මහතා විමසන ලෙස කී නමුත් එය භාවිතයේ නොමැති අංකයක් විය.
ඉන්පසු නැවත ප්‍රධාන ස්ථානයට ඇමතූ විට බන්දුල මහතා (0718782131) ගෙන් විමසන ලෙසත් , බන්දුල මහතා නැවත ආනන්ද හේරත් (0714457224) මහතා විමසන ලෙසත්, ඔහු විසින් O I C පද්මලාල් මහතා(0718591631) විමසන ලෙසත්, දන්වා සිටින ලදි .
නැවත පද්මලාල් මහතා ඇමතූ විට ඔහු උසාවියේ සිටින බැවින් තව විනාඩි 15කින් අමතන ලෙසත් ප්‍රකාශ කරන ලදී. විනාඩි 15කට පසු ඔහු ඇතූවිට මෙය අදාල වන්නේ වෙනත් අංශයක O I C කෙනෙකුට බවත්, ඔහු පිටතට ගොස් ඇති බැවින්, පසුව ඔහු අපට දුරකතන ඇමතුමක් ගන්නා බවත් ප්‍රකාශ කරන ලදී.
මේ පහරදිම සිදුවි දැන්  පැය 48 ක් ද ඉක්මවා යමින් තිබේ.
එහෙත් තවමත් මැරයන් නිදැල්ලේය.