‘බස්නාහිරට කන්න නැ, ඌවේ එළවළු තොග ගණනින් නිකන් ම කුණුවෙනවා’ -හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන්

0
143
sharethis sharing buttonlinkedin sharing buttonwhatsapp sharing buttonwechat sharing buttonpinterest sharing button
රජයේ කිසිදු ආයතනයක්, නිලධාරියෙකු උඩරට එළවළු වගා බිම්වල විනාශවී යාම

වලක්වා අඩුම ගණනේ බස්නාහිර පාරිභෝගිකයාගේ කුසගිනි නිවීමට හෝ වැඩපිළිවෙලක් සකස් නොකිරීම ඛේදවාචකයක් බව හිටපු ආණ්ඩුකාර රජිත් කිර්ති තෙන්නකෝන් පවසයි.

ඉහළ ඌවේ එළවළු ගොවීන් සිය නිෂ්පාදන අලෙවි කර ගත නොහැකිව අන්ත අසරණ භාවයට පත්ව ඇතැයි ද ඔහු කියා සිටියි.

කැප්පෙටිපොල, බණ්ඩාරවෙල, හපුතලේ, හාළිඇළ ඊයේ – අද එළවළු කිලෝ ලක්ෂ 6 ක් ලොරි හා ට්‍රැක්ටර්වල අහුරලා ඇතැයි ද හිටපු ආණ්ඩුකාරවරයා පවසයි.

ඔහු එබව පැවසූවේ බණ්ඩාරවෙල ව්‍යාපාරික ප්‍රජාව හා පැවති සාකච්ඡාවක දී ය.

”වැලිමඩ, ඌව පරණගම, හපුතලේ, බණ්ඩාරවෙල එළවළු නිෂ්පාදන වතුවල කුණුවෙනවා.  ප්‍රතිපත්තියක් නැති වැඩ නිසා ගොවියත් අතරමැදියත් දෙදෙනාම විනාශයි.”

බණ්ඩාරවෙල තොග පොල වසා දමා ඇති බැවින් ද, එළවළු රැගත් ලොරි රථ බස්නාහිර පළාතට ඇතුළුවීම සීමා කිරීම නිසා ද උඩරට එළවළු රට පුරා බෙදා හැරීම එකම අවුල් ජාලාවක් බවට පත්වී ඇතැයි ද ඔහු කියා සිටියේය.

”අද උඩරට එළවළු කුණු කොල්ලයට යනවා.  රාබු ගෝනියක් රුපියල්  500 ට අලෙවිකරන්නට බෑ. ලීක්ස් කිලෝවක් රුපියල් 20 ට ගන්නේ නෑ.  ගෝවා රුපියල් 30 යි. බෝංචි 40 යි. තක්කාලි රුපියල් 30 යි.

මේ එකම එළවළුවක්වත් අස්වැන්න නෙළලා නගරයේ වෙළෙදපොළට ගෙනෙන්නට මෙයට වැඩි වියදමක් යනවා.

බස්නාහිර, වයඹ, දකුණු, උතුරු මැද කිසිම පලාතක උඩරට එළවළු කිලෝවයක් රු. 250 ට අඩුවෙන් ගන්න බෑ.

මධ්‍යම පළාතේ නාගරික ප්‍රදේශවලට සතියකින් විතර එළවළු වෙළෙන්දෙක් ඇතිත් නෑ.

 

මේ කරමින් තියෙන්නේ ජාතික අපරාධයක්. 

”පැයෙන් පැයට පළාත් පාලන ආයතන, සෞඛ්‍ය බලධාරීන්, පොලීසිය හා හමුදාව ගොවීන්ට, වෙළෙන්දන්ට, ප්‍රවාහකයින්ට, ලොරි රථ හිමියන්ට නීති දානවා. කිසිම වැඩ පිළිවෙලක් නෑ.  ”

පැයෙන් පැයට පළාත් පාලන ආයතන, සෞඛ්‍ය බලධාරීන්, පොලීසිය හා හමුදාව ගොවීන්ට, වෙළෙන්දන්ට, ප්‍රවාහකයින්ට, ලොරි රථ හිමියන්ට නීති දානවා.

කිසිම වැඩ පිළිවෙලක් නෑ.

එක තැනක ඉදන් තවත් තැනකට එළවළු ප්‍රවාහණය කරනකොට පසු අස්වනු විනාශය වැඩියි.

මේ හැම දෙයකම පාඩුව දරන්නට සිදුවන්නේ ගොවියාට ”යැයි ද, කීර්ති තෙන්නකෝන් පැවසීය.

 

අස්වනු නෙලීම දැනටමත් අතහැර දමලා :

නුවරඑළිය හා බදුල්ලේ ලීක්ස්, ගෝවා, බෝංචි, තක්කාලි අස්වනු නෙලීම දැනටමත් අතහැර දමා තිබෙනවා.

නගරයට රැගෙන ආ අස්වැන්න මිලදී ගන්නට වෙළෙන්දන් නෑ.   එක තැනක මෙහෙම අස්වැන්න විනාශ වෙනකොට තවත් තැනක මිනිස්සු සාගතයෙන් ඉන්නවා.

රාජ්‍ය පාලනයන කියන්නේ ජනමාධ්‍ය මගින් මිනිස්සුන්ට බැන වැදීම නෙවෙයි.  ප්‍රශ්නවලට විසඳුම් සෙවීමයි.   මෙයට පෙර පසු අස්වනු ගැටළු මතුවුණාම දිසාපතිවරු, ප්‍රාදේශීය ලේකම්වරු, දේශපාලන නායකත්වය සමඟ රාජ්‍ය හා පුද්ගලික ආයතන එකට එකතු වෙලා උත්තර හෙව්වා. දැන් ඒ මොකවත් සිද්ධ වෙන්නේ නෑ.

”මෙයට පෙර පසු අස්වනු ගැටළු මතුවුණාම දිසාපතිවරු, ප්‍රාදේශීය ලේකම්වරු, දේශපාලන නායකත්වය සමඟ රාජ්‍ය හා පුද්ගලික ආයතන එකට එකතු වෙලා උත්තර හෙව්වා. දැන් ඒ මොකවත් සිද්ධ වෙන්නේ නෑ.”

දකුණ, වයඹ, නැගෙනහිර පලාත් වල මාළු අස්වැන්න මේ විදිහටම විකුණා ගන්න බැරිව තියෙනවා.

ඒවා රට තුළට ගේන්න ක්‍රමයක් හදා ගන්න ආණ්ඩුවට බැරි වෙලා තියෙනවා.

අද කොරෝනාව ව්‍යාපාරික ගජමිතුරන්නට ආදායම් මාර්ගයක් වෙලා.  සාම්ප්‍රදායික ගොවියෝ වෙළෙන්දෝ අතරමැදියෝ සියළු දෙනා අන්ත අසරණ කරලා” යැයි ද තෙන්නකෝන්  වැඩිදුරටත්  පැවසීය.


theleader.lk