බස්රථ සඳහා භූමිතෙල් ලබාගැනීම වැළැක්වීමට ක්‍රමවේදයක්

0
68

40002b4183521f444712b65d690eb49b_L

බස්රථ සඳහා භූමිතෙල් ලබාගැනීම වැළැක්වීම සඳහා ක්‍රමවේදයක් සකස් කිරීම ඛණිජ තෙල් අමාත්‍යවරයා උපදෙස් ලබා දී ඇති බව සමකැබිනට් ප්‍රකාශක, පෝෂණ, සෞඛ්‍ය සහ දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (12) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීයෙක් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

ඒ සඳහා විශේෂ වූ ක්‍රමවේදයක් සකස් කර රෙගුලාසි පැනවීමට කටයුතු කරන ලෙස අමාත්‍යවරයා ජනාධිපතිවරයා උපදෙස් ලබාදී ඇති බව සේනාරත්න මහතා සඳහන් කළ අතර පසුගිය කාලයේ භූමිතෙල් මිළ ඉහළ දැමීම හේතුවෙන් බස්රථ සඳහා භූමිතෙල් ලබාගැනීම අඩුවීමෙන් භූමිතෙල්  පරිභෝජනය 50%කින් අඩුවී ඇති බව ද පෙන්වා දුන්නේය.
news.lk