බ්‍රෙෂියා “බඩුකාරයෝ”ගැන තවත් කතාවක් …

0
355

ඉතාලියේ විවිධ නගරවල වාසය කරන ශ්‍රිලාංකිකයන් බහුතරයක් දෙනා මුහුණ⁣ දෙන එක් ගැටළුවක් බවට පත්ව ඇත්තේ ලංකාවට බඩු ඒවිමේදි පත්ව ඇති අපහසුතාවයයි.

විශේෂයෙන්ම ඉතාලියේ සේවය කරන බහුතරයක් ලාංකිකයන් ජුලි අගොස්තු මාසවලදි ලංකාවට පැමිණේ.ඒ ඔවුන්ට ලැබෙන වාර්ෂික නිවාඩුව ලංකාවේ සිය ආදාරණියන් සමගින් ගතකිරිම සඳහාය.

මේ බොහෝ දෙනෙකු ලංකාවේදි ප්‍රයෝජනයට ගැනිම සඳහා අවැසි භාණ්ඩ බඩු එවිම සඳහා ඉතාලියේ සිටින ලාංකික නියෝජිතයන් හට භාර දිම සමාන්‍ය ක්‍රමයයි

මේ නියෝජිතයන් සිය වගකිම නිසි ලෙසින් ඉටුකරන්නේ නම් මසක් වැනි කෙටි කාලයක් තුලදි ලංකාවට බඩු එවිමට හැකිය.

එහෙත් මේ බොහෝ ලාංකිකයන් නියෝජිතයන් සිය වගකිම නිසි ලෙසින් ඉටුකරන්නේ නැත.

මසක නිවාඩු කාලය හමාර කොට යලිත් ඉතාලියට යාමට සුදානම් වෙමින් සිටියද මේ ඇතමුන්ට ඉතාලියේ ලාංකික නියෝජිතයන්ට බාරදුන් බඩු පෙට්ටි ලංකාවට පැමිණ තිබුනේ නැත.

විශේෂයෙන්ම බ්‍රෙෂියා නගරයේ ලංකාවට බඩු පෙට්ටි එවන නියෝජිතයෙකු හට මේ වන විට බරපතල චෝදනාවක් එල්ල වි තිබේ.

ඒ අදාල අය වෙත ලංකාවට එවිම සඳහා බඩු පෙට්ටි භාර දි මාස දෙකක් පවා ඉක්මවා ගොස් තිබුනද තවමත් ඒවා නොලැබි ඇති නිසාය.

ඩී.වර්ණකුලසූරිය-බෝලවත්ත