බ්‍රැන්ඩික්ස් ආශ්‍රිතයන් 400කට අද නයිවල පොළේදි PCR පරික්ෂණ …

0
90

PCR

කොරෝනා වෛරසය ආසාදිතයි බවට තහවුරු වු මිනුවන්ගොඩ බෑන්ඩික්ස් ආයතනයේ සේවකයින්ගේ ලගම ආශ්‍රීතයන්  බවට හදුනාගත් පුද්ගලයින් හාරසියකට අධික  පිරිසක් අද 13 දින නයිවල සතිපොල භූමියේදී PCR පරික්ෂනයට භාජනය කෙරුනි
මෙලෙස PCR පරික්ෂනයට භාජනය ලක් කෙරුනේ වල්පිටමුල්ල, බලබෝව ,  නයිවල,   විගඩ,  මාරපොල, නයිවල උතුර,  නයිවල බටහිර, නයිවල නැගෙනහිර යන ග්‍රාමසේවා වසම්වල පදිංචි කොරෝනා වෛරසය ආසාදිතයි බවට තහවුරු වු මිනුවන්ගොඩ බෑන්ඩික්ස් ආයතනයේ සේවකයින්ගේ ලගම ආශ්‍රිතයන්  බවට හදුනාගත් නිවෙස්වල පදිංචි පුද්ගලයන්ය
මෙහිදි පසුගිය දිනක කොරෝනා වෛරසය සැදී ඇති බවට තහවුරු වු නිවසක පැවති දානමය පිංකමකට වැඩම කල එම ප්‍රදේශයේ විහාරස්ථානයක ස්වාමින් වහන්සේලා කීප නමක් PCR පරික්ෂණය සදහා වැඩම කර  තිබුණි

ඡායා- පියපේම මාණික්කරත්න