බැනුම් අහන සමයක සම්මානයෙන් පුද දුන් මීගමු ලංවීම

0
209

slv

මීගමුව ප්‍රාදේශීය විදුලි ඉංජිනේරු කාර්යාලය පසුගිය වසර වලදී ඇගයුම් සම්මාන දෙකකින් පිදුම්  ලැබීය. ඔවුන් ලබාගත් සම්මානයන් වන්නේ 2012 වසර සදහා ජස්ටිකා සම්මානය හා 2011 ලංකා විදුලි බල මණ්ඩලයේ දෙවන ස්ථානයට ලැබූ  සම්මානය වේ.
මීගමුව ප්‍රාදේශීය විදුලි ඉංජිනේරු කාර්යාලයේ මෙම සාර්ථකත්වය එම ආයතන ලබාගත් සාමුහික ජයග්‍රහණයකි. මෙම තත්ත්වය ලගාකරගැනීම වෙනුවෙන් මීගමුව ප්‍රාදේශීය විදුලි ඉංජිනේරු කාර්යාලය කැපවී මෙන් හා එකමුතුභාවයකින් වැඩ කිරීම නිසා මේ පලදායී තත්ත්වය ආයතනයට උදාවී ඇත.
2013-05-16 13.50.34
ලංවිම වැනි පාරිභෝගිකයන් රාශියක් සමග වැඩකරන ආයතනයක් මේවැනි ජයග්‍රාහී ස්වරූපයකට ගෙන ඒම පිටුපස ඇත්තේ ඒ සදහා සැලසුම්ව ක්‍රියාත්මක කළ සංකල්පීය මෙන්ම විද්‍යාත්මකව මනාවට ගැලපුන ක්‍රමවේදයක්.

ඒ තමයි  ‘ 5  S ‘ සංකල්පය. එහි ප්‍රතිපළයක් ලෙස අවුරුද්දක් සම්පූර්ණ වනවිටම ඔවුන්ට සම්මානයක් ලැබීමටත් හැකිවී තිබීම ඉතාම අගය කළ යුතු කාර්යයක්. එමෙන්ම මීගමුව කටුනායක සහ මිනුවන්ගොඩ වැනි ප්‍රෙදේශ තුළ ජනතාවගේ විදුලිය පාරිභෝජනය සම්බන්ධයෙන් ඉතා වගකිවයුතු කාර්්‍ය සමුදායක් ඉටුකරන මෙම ආයතනය සහ කාර්්‍ය මණ්ඩලයේ සේවය පිලිබද පාඨකයන් දැනුවත් කිරීම අපගේ වගකීමක්.
2013-05-16 13.55.42
ඒ වෙනුවෙන් එහි ගිය මා හට ආයතනයට පිවිසෙන විටම නෙත ගැටුණ එළවළු පාත්තිය නම් මෙම ස්ථානයට එන කවුරුන් හෝ ඇද බැද තබාගන්නට සැදී පැහැදී සිටිනු බව දැනිනි. එය විදුලි බල මණ්ඩලයට එන කිසිවෙකු වුව් බලාපොරොත්තු නොවන දසුනකි .
ඇතුළට පිවිසීමත් සමග ආයතනය ඇතුළත තිබුණේ දහසක් පාරිභෝගිකයන් එන තැනක ඇති කලබලකාරීත්වය මදක් සැගවුණ ගතියකි
.
එයට හේතුව මා පසුව දැනගතිමි. මෙම ආයතනය ක්‍රියාකාරීත්වය තුළට එස්  5   සංකල්පය එක්කිරීම පිළිබදව අදහස්
එකතු කළ ප්‍රධාන ඉංජිනේරු සිසිර කුමාර මහතා,
‘‘ විදුලි බල මණ්ඩලයට වැදගත් කෙනාම තමයි පාරිභෝගිකයා. පාරිභෝගිකයාට හොද සේවාවක් ලබාදීම පිළිබදව වචන වලින් එහාට ගියාම අපේ තිබෙන හැකියාව සේවය පිළිවෙලකට කරගෙන යන්ඩ තමයි අපි වැඩකටයුතු ලෑස්ති කළේ. නිසි සේවාවක් ලබාදීම සදහා මුලු පද්ධතියම හොද තත්ත්වයක තිබිය යුතුයි.ඒ වගේම විදුලි බල මණඩලයේ ක්‍රියාකාරීත්වයේ  කණ්ඩායම් ස්වභාවයක් තමයි තිබෙන්නේ.
ඒ සදහා අපි කණ්ඩායමක් ලෙස මුළු කාර්ය මන්ඩලයම දැනුවත් කරගෙන තමයි මේ ක්‍රමය ආරම්භ කළේ.
2001 වසරේ දී තමයි විදුලි බල මණ්ඩලය එස් 5  ක්‍රමයට අනුගත වුණේ.
ආරම්භයේදී යම් කිසි මට්ටමකට මෙම ආයතනය තිබුණා. එතැන් සිට අපි සියලු දෙනාම එකතු වෙලා, කැප වෙලා ආරම්භ කළා. එස්  5  ක්‍රමයට ආයතනය අනුගත කිරීම. මුලදී සමහර අවස්ථාවල හිතුණා අපට මේ දේ කරන්ඩ පුලුවන්ද කියලා.
නමුත් කරගෙන යද්දී අපිට තෙරුනා අපි හිතනවාට වැඩිය ලොකු ධාරිතාවයකින් අපි කරගෙන ගියේ කියලා. එහෙම කරගෙන යද්දී දී අපිට ලංකාවෙම ලංවීමේ දෙවන ස්ථානය ලැබුණා.    ඊට පස්සේ අපේ සියලු දෙනාටම තමන්ගේ ධාරිතාවය ගැන හොද වැටහීමක් මෙන්ම ඇගයීමක් ද ලැබුණා.

2013-05-16 14.25.09
ප්‍රධාන ඉංජිනේරු සිසිර කුමාර මහතා

2013 දී අපේ පාරිභෝගිකයින්ට විදුලි සේවාව ලබාදිම පිළිබදව අපේ තිබූ පාරම්පරික යාන්ත්‍රණය පොඩි වෙනස්වීමක් කළා. දැන් අපේ ඒ සේවාව ඉතා කඩිනම්. අපි ඉක්මණින් මනින්ඩ පටන් ගත්තා. ඒවා දැනුම් දුන්නා. ඒකෙන් ලොකු වෙනසක් සහනයක් පාරිභෝගිකයන්ටත් දැනිලා තිබෙනවා. ඉස්සර වගේ දවස් ගණන් බලාඉන්ඩ අවශය්‍ය නෑ ඉක්මණින් විදුලිය ලැබෙනවා. ඒක පවත්වාගෙන යාම තමයි අමාරුම දේ, සහ කළයුතුම දේ. අපි ඒක දිගටම ක්‍රියාත්මක කරන්ඩ බලාපොරොත්තු වෙනවා. ”

2013-05-16 13.44.14
මීටර් ලකුණු කරන නිලධාරීන් සහ අදාළ ප්‍රදේශ සහිත සිතියමක්
2013-05-16 14.02.09
ජේ්‍්ය්ෂඨ ඉංජිනේරු සහකාර ජෝකීම් ප්‍රීති ජයසූරිය මහතා

ජ්‍යේෂඨ සහකාර ඉංජිනේරුවරයා මුණ ගැසුණ පසු ඔහු සමග මෙම ආයතනය තුළට එස් 05 සංකල්පය එක් කළ පසු සේවයේ ඇති පහසුව හා පාරිභෝගිකයන්ට ඉන් ලැබී ඇති බොහෝ සහන පිලිබදව මා දැනුවත් කරමින් කියා සිටියේ ‘‘ ඉස්සර නම් මෙතන එක නිලධාරිනියක් නිවාඩු ගියොත් , එයා ලග තියෙන ෆයිල් එකක් හරි ලියවිල්ලක් හරි හොයාගන්ඩ නම් එයා එනකම් ඉන්ඩ ඕනා. නමුත් දැන් එහෙම නෑ. දැන් කාට වුණත් ඕනම තොරතුරක් දැනගන්ඩ පහසු විදිහට අපේ තොරතුරු ගබඩා කරලා තිබෙනවා..‘ ඒ වගේම තමයි මෙම ස්ථානයට එන පාරිභෝගිකයින් ට ඔවුන් පැමිණි අවශ්‍යතාවය ඉක්මණින් ඉටුකිරීම සදහා මෙම ආයතනයේ පිළිවෙලට හා අලංකාරවත් ලෙස නිලධාරීන්ගේ සේවයත් කාර්්‍යක්ෂමව හා නිරවුල්ව සිදුවෙනවා. අපේ සේවය පිළිබදව ඔනෑම කෙනෙකුටත් තමන්ගේ අදහස් දැක්වලා පොඩි සටහනක් දාන්ඩ පෙට්ටියක් අපි සූදානම්කර ති‍ෙබනවා. මෙතනට ලයිට් බිල් ගෙවන්ඩ වගේම ඕනම දේකට එන පාරිභෝගිකයින්ට ජල පහසුකම්, වැසිකිලි පහසුකම් වගේම , පොඩි දරුවන් රැගෙන එන අයටත් රැදීමට අලංකාර ලෙස පහසුකම් සපයා තිබෙනවා. ඒවා නඩත්තු කිරීම පවා ස්වේච්ජාවෙන් කරන අය ඉන්නවා.” 2013-05-16 13.30.40

උඩුමහලට ගිය මා හට දැකගන්නට ලැබුණේ සිරුරේ උසට අනුව සිරුරේ බර මැන ගැනීම සදහා තබා තිබූ බර කිරන යන්ත්‍රයකි. ආයතනයේ සේවක සේවිකාවන්ට මෙන්ම එහි යන පාරිභෝගිකයන්ට ද තම සිරුරේ බර මැනගෙන යාම සදහා මෙය තබා ඇත. කිසිවෙකුත් අකමැති නොවන ප්‍රශංසාවට ලක්වන මෙම ක්‍රියාවනම් සැවොම වෙනුවෙන් සිතාබලා කරන ලද සද්කාර්යක් මෙන්ම සියලුදෙනාට මන්ගේ ජීවිතයට අලුත් සංස්කෘතියක් එකතු කර ගැනීම වෙනුවෙන් කරන ලද ත්‍යාගයකි.

90 000 ට අධික පාරිභෝගික සංඛ්‍යාවක් සිටින මෙම ආයතනය යටතේ විදුලි පාරිභෝගික සේවා මධ්‍යස්තාන 3ක් මීගමුව, කටුනායක, මිනුවන්ගොඩ යන ප්‍රෙද්ශ වල පිහිටා තිබේ. ඊට අමතරව පාරිභෝගිකයින් සදහා සිදුකරන විදුලි සැපයුම් සදහා නඩත්තු අංශයක් ද කටුනායක පිහිටා ඇත. මීගමුව ප්‍රාෙද්ශීය විදුලි ඉංජිනේරු අංශයේ සේවය කරන සියලූම සේවික සේවිකාවන් 45ක් පමණ සේවය කරන මේ සියලූම පාරිභෝගිකයන් පිළිබදව මෙන්ම සේවාවන් පිළිබද මනාව සකස් කළ දත්ත ගබඩාවක් ඉතාම මෙම ආයතනයේ 3වන මහලෙහි පිහිටා ඇත. එම සියලූම තොරතුරු හා ගොනුගත කිරීම් පරිඝනකගත කර ඇති අතර පාරිභෝගිකයන් සදහා එමගින් කාර්යාක්ෂම සේවයක් ලබාගත හැකිය.

මීටර් ලකුණු කරන අංශයේ මෙන්ම බිල්පත් පිළිබදව තොරතුරු ගබඩා කර ඇති සියලූම අංශ වල ලිපිගොනු ඉතා පිලිවෙලට හා විනවිදභාවයකින් සකසා තිබූ අයුරු දැකගත හැකිවිය. එම ස්ථානයේ තිබූණේ සියලූම විදුලි මිටර් කරුවන්ට වෙන්වී ඇති කොට්ටාශ හා අදාළ නිලධාරියගේ ඡායාරූපයක් ද එහි අලවා තිබු සිතියමකි. මෙම ස්තානයට පැමිණෙන පාරිභෝගිකයන් මෙම සිතියම දකින විට තමන්ගේ නිවසේ මීටරය ලකුනු කරන නිලධාරියා හදුනා ගනිමින් ඒ බව පවසන බව සහකාර ඉංජිනේරැ ජයසූරිය මහතා පවසයි.
සෑම අංශයක් වෙතද පිවිසුම් ස්ථාන වල අදාළ යොමුකිරීම් සහිත දැනුම්දීම් සහිත නාම පුවරු අලවා තිබුණි.
2013-05-16 13.40.06

2013-05-16 13.37.23ආයතනයේ සෑම ස්ථානයක් හා එහි තිබූ පිළිවෙල විසින් දිස්වුයේ තම පාරිභෝගිකයා වෙත ඉතා විශිෂ්ට සේවාවක් සැලසීම වෙනුවෙන් සූදානම් ව සිටින ආයතනයක ස්වරෑපයකි. පැමිණෙන පාරිභෝගියන්ගේ අවශ්‍යතා වර්ග කර ඔවුන් නිසි තැනට යොමුකිරීම සදහා ප්‍රාදේශීය විදුලි කාර්යාලයේ පිවිසුමේ සිටම කාමර වෙන්කර ඇත. එය මෙවැනි කාර්්‍යබහුල තැනකට සේවාව කාර්්‍යක්ෂකම කිරීම සදහා මනාවට ගැලපෙන දෙයති. එහි ඇතුල්වන වන විට මා හට එම ස්ථානයේ ඉතාම සාමකාමී ලෙස හැගීමට හේතුව එයයි. බොහෝ රාජ්‍ය ආයතන වලදී අත්දකින්නට සිදුවන අපහසුතා මෙන්ම අකාර්්‍යක්ෂම සේවාවන් වල අත්දැකීම ඇති අප හට ඊට වෙනස් අත්දැකීම්ක් ලැබීමට හැකිවීම එක්තරා භාග්‍යක් මෙන්ම සාමාජීය ජයග්‍රහණයකි. වැඩකිරීම සහ ජීවන විලාසිතාව පිලිබදව සංකල්පීය වෙනසක් ඇතිව ගොඩනැගුණ 5 එස් ක්‍රමය මෙම ආයතනය තුළ ක්‍රියාත්මක වීම අගය කළ යුතු කාර්යයකි.

සටහන- කුමාරි ප්‍රනාන්දු /fkumari@gmail.com
Photo  Taken by – Phone Camera /Samsung Glaxy mini 2 /GTs6500
2013-05-16 13.39.26
2013-05-16 13.35.52
2013-05-16 13.51.45


More photo
http://citizenpage.tumblr.com/