‘බැඳුම්කර හොරා’ මහින්දගේ වැඩක්!

0
137

මහින්ද රනිල්

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඉලක්ක කර යහපාලන ජාතික රජයට එරෙහිව රට පුරා ගෙන යන දේශපාලන මඩ පෝස්ටර ව්‍යාපාරය පිටුපස සිටින්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රධාන ඒකාබද්ධ විපක්ෂය බවට රාජ්‍ය බුද්ධි අංශ තොරතුරු අනාවරණය කර ගෙන තිබේ.

මේ සැලසුම් සහගත ව්‍යාපාරයේ පළමු පියවර ලෙස ‘බැඳුම්කර හොර‍ා ඉල්ලා අස්වෙනු’ යනුවෙන් මඩ පෝස්ටරයක් මහනුවර ඇතුළු රටේ ප්‍රදේශ ගණනාවක අද(15දා) අළුයම සිට අලවා තිබිණ.

රාජ්‍ය බුද්ධි අංශ රජය වෙත වාර්තා කර ඇති ආකාරයට අනුව මේ පෝස්ටරය නිර්මාණය කර ඇත්තේ කොළඹ නෙළුම් මාවතේ පිහිටි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සම්බන්ධීකරණ කාර්යාලයේදීය.

එම පෝස්ටරය ඒකාබද්ධ විපක්ෂයේ ඒ ඒ දිස්ත්‍රික් නායකයින් වෙත ‘ඊමේල් කර’ තිබෙන අතර එම නායකයින් සිය හිතවත් මුද්‍රණාල හිමිකරුවන් මාර්ගයෙන් අදාළ පෝස්ටරයමුද්‍රණය කර ගෙන තිබෙන බවටද තොරතුරු අනාවරණය වී ඇත.

මේ සිද්ධියෙන් පැහැදිලි වන්නේ යහපාලන ජාතික රජය අභ්‍යන්තරයේ අර්බුද ඇතිකර කඩා විනාශ කිරීමට නම් කළ යුත්තේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඉලක්ක කර ඔහුට පහර දෙමින් රජයේ රට ගොඩනගන ආර්ථික වැඩ පිළිවෙල කඩාකප්පල් කිරීමය යන දැඩි ස්ථාවරයේ ඒකාබද්ධ විපක්ෂය සිටින බව යැයි දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.

-සුජිත් මංගල ද සිල්වා-

(උපුටා ගැනිම – ශ්‍රිලංකා මිරර් වෙබ් අඩවියෙනි )

BadumkaraH_600xp_16_11_15