බැසිල් අද හෙට පාර්ලිමේන්තුවට නොඑන බවට රජයෙන් ප්‍රකාශයක්

0
128
sharethis sharing buttonlinkedin sharing buttonwhatsapp sharing buttonwechat sharing buttonpinterest sharing button
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂට

පාර්ලිමේන්තුවට එන්නැයි එම පක්ෂයේ තරුණ දේශපාලනඥයින් විසින් කරනු ලබන ඉල්ලීම් සම්බන්ධයෙන් ඊයේ දිනයේදීද විවිධ අදහස් පළ විය.

ද්විත්ව පුරුවැසි භාවය සහ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ සම්බන්ධයෙන් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහනුවරදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න කිහිපයකට පිළිතුරු ලබාදෙමින් මෙසේ පැවසිය.

කෙසේවෙතත් වනජිවි සහ වන සංරක්ෂණ අමාත්‍යය සි.බි රත්නායක පැවසුවේ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ කඩිමුඩියේ පාර්ලිමේන්තුවට නොපැමිණෙන බවයි.

”බැසිල් රාජපක්ෂ මහත්තයා පාර්ලිමේන්තුවට එනව නම් මමත් කැමති, නමුත් එතුමා කලබලේ එන්නේ නැ. රටේ දැවැන්ත හස්තය, මේ ආණ්ඩුව ගෙන්න, මැතිවරණ ගණනාවක් දිනවන්න,  පිටිපස්සෙන් හිටිය කෙනා තමයි බැසිල් රාජපක්ෂ’ යනුවෙන් ඔහු පැවසිය.

ඔහු ඊයේ (15) දින එබව කියා සිටියේ, ගිනිගත්හේන ප්‍රදේශයේ පැවති  අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමිනි.

ඒ අතර පසුගියදා මාධ්‍ය හමුවක දී අදහස් දැක්වූ අමාත්‍ය වාසුදේව නානායක්කාර කියා සිටියේ, බැසිල් රාජපක්ෂ සිය ද්විත්ව පුරවැසිභාවය ඉවත් කර නොගෙන පාර්ලිමේන්තුවට නොඑන බවකි. ‘ඒ මනුස්සයා ලැජ්ජ නැති වැඩක් කරන්නේ නැහැ’ යයි ඇමතිවරයා බැසිල් රාජපක්ෂ වෙනුවෙන් සහතික වුයේ මෙසේය.

 

ආර්ථික සංවර්ධන ඇමතිකමට ආරාධනා…

කෙසේවුවද  ස්වයං රැකියා නියුක්තිකයන්ගේ සම්මේලනය විසින් හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂට පාර්ලිමේන්තුවට පිවිසි ආර්ථික සංවර්ධන ඇමැති කම බාර ගන්නැයි ආරාධනා කර තිබේ.

එහි සභාපති මහින්ද කහඳගම පවසන්නේ ඒ සඳහා තම සම්මේලනය පූර්ණ එකඟත්වය පළ කරන බවයි.

තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබමින් ඒ බව ඔහු සඳහන් කර තිබේ.

 

මන්ත්‍රීවරුන් 19 කගේ අත්සන් :

ඒ අතර පාර්ලිමේන්තුවට ප්‍රවේශ වන ලෙස ඉල්ලා ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් 19 දෙනෙකු පසුගියදා ලිපියකට අත්සන් තබා තිබිණ.

රටේ ආර්ථික සංවර්ධනය උදෙසාත්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සක්‍රිය දායකත්වය රටට ලබාදීම සඳහාත්, හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ පාර්ලිමේන්තුවට ප්‍රවේශ වීම අත්‍යවශ්‍ය යැයි තමන් විශ්වාස කරන බව අදාළ මන්ත්‍රීවරුන් පිරිස යොමු කළ ලිපියේ සඳහන් වේ.

Basil Letter
theleader.lk