බැසිල් ඉටු කරන්නේ එජාපයේ කොන්ත්‍රාත්තුවක් – සුදර්ශනී

0
86
sudashani-pranandupulle

ආණ්ඩු විරෝධී කටයුතුවල මුවාවෙන් නව දේශපාලන පක්ෂ නිර්මාණය කිරීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වන බවත්, ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකාවක ලෙස තමන් එයට දැඩි ලෙස විරුද්ධ වන බවත් නගර සැලසුම් හා ජල සම්පාදන රාජ්‍ය ඇමතිනී සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය කටානේ සිය කාර්යාලයේ දී මාධ්‍යයට අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියා.

එළඹෙන පළාත් පාලන මැතිවරණය ඉලක්ක කරගනිමින් නව පක්ෂයක් ආරම්භ කිරීමට ශ්‍රී.ල.නි.ප.යේ පිරිසක් සූදානමින් සිටින බවත්, ඉන් සිදුවිය හැකි එකම ප්‍රතිඵලය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ලැබිය හැකි ඡන්ද ප්‍රමාණය අඩුවීම පමණක් බවත් පවසන ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය එහි දී වැඩි දුරටත් කියා සිටියේ බැසිල් රාජපක්ෂ හිටපු අමාත්‍යවරයා මේ වනවිටත් නව පක්ෂයේ සංවිධාන කටයුතු බිම් මට්ටමින් ආරම්භ කර ඇති බවයි.

‘අලුත් පක්ෂයක් හැදුවොත් එක්සත් ජාතික පක්ෂයේ අය ගිහිල්ලා ඒකෙ සාමාජිකත්වය ගන්නෙ නෑ. ජ.වි.පෙ. සාමාජිකයො යන්නෙත් නෑ. එතනට යන්නෙ ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයො විතරයි. බැසිල් රාජපක්ෂ හිටපු ඇමතිතුමා මේ විදියට ඉටු කරන්නෙ එ.ජා.ප. යේ කොන්ත්‍රාත්තුවක් ද කියල අපි ප්‍රශ්න කරනවා…’ යනුවෙන් ද ඇය එහි දී සඳහන් කළා.
http://sinhala.thecolombopost.net

 

Save

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here