බැසිල් පාර්ලිමේන්තුවට ගෙන්න ලාන්සා පාවඩ එලයි.

0
240
linkedin sharing buttonwhatsapp sharing buttonwechat sharing buttonpinterest sharing button
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ ඉක්මනින් පාර්ලිමේන්තුවට පැමිණිය යුතු බව

ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා පවසයි. ඔහු එබව කියා සිටියේ වෙන්නප්පුව තබ්බෝව කොස්වත්ත, බෝතලේගම මාර්ගය කාපට් අතුරා සංවර්ධනය කිරීමේ අවස්ථාවට අද (14) දින සහභාගි වෙමිණි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මෙසේද පැවසිය. “පාර්ලිමේන්තුවේ සිටින පක්ෂ විපක්ෂ සියලු දෙනා පැහැදිලිව පිළිගන්නවා බැසිල් රාජපක්ෂ රටටම අවශ්‍ය නායකයෙක් කියලා.

එතුමගේ තියෙන දැනුම, අද්දැකීම්, ක්‍රියාශීලී දායකත්වය, දේශීය හා විදේශීය වශයෙන් තියෙන සම්බන්ධතා උපයෝගී කොටගෙන ආර්ථිකය, ජන ජීවිත දියුණු කිරීමට වගේම, රට හදන්න එතුමා පාර්ලිමේන්තුවේ සිටිය යුතුයි කියන තැන තමා පසුපෙළ වගේම අපි සියලු දෙනාම ඉන්නේ.”

‘බැසිල්වාදී’ රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා අද එසේ පැවසුයේ,  බැසිල් රාජපක්ෂට පාර්ලිමේන්තුවට පැමිණෙන ලෙස ඉල්ලා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් ලිපියක් මගින් කර තිබු ඉල්ලීමේ දිගුවක් ලෙසය.

මෙසේ ඔහු වෙනුවෙන් සංවිධානාත්මක ප්‍රචාරක මෙහෙයුමක් ආරම්භ කර ඇත්තේ, බැසිල් රාජපක්ෂ ඇමරිකා – ශ්‍රී ලංකා ද්විත්ව පුරවැසියකු වන හෙයින් ඔහු පාර්ලිමේන්තුවට පැමිණීමට එරෙහිව ආණ්ඩුවේ ඇතැමුන් දරන විරෝධය යටපත් කරලීම සඳහාය.
theleader.lk