බැසිල් පිනවන්න ලංසා අදත් උසාවියට සෙනග ඇදලා..????

0
61

මීගමුව මහනගර සභාවේ ව්‍යාපෘති අංශයේ කම්කරුවන් පිරිසක් අත සිය රාජකාරිය සදහා පැමිණ පොතෙහි අත්සන් තබා ගොස් ඇත්තේ අදාල වැඩබිම් වලට නොව කඩුවෙල උසාවියට බව වාර්ථා වේ.
ඒ හිටපු ඇමති බැසිල් රාජපක්ෂ මහතාගේ නඩුව අද කඩුවෙල උසාවියේදි පැවැති නිසාය.
මේ සම්බන්ධයෙන් මීගමුව නාගරික කොමසාරිස්වරයාගෙන් අප විමසා සිටි අවස්ථා ඔහු පවසා සිටියේ තමන් මේ ගැන කිසිවක් නොදන්නා බවය.
අදාල ව්‍යපෘති කම්කරුවන් ඉජිනේරු අංශයට සහ සහ සෞඛ්‍ය අංශයට අනුයුක්තව සේවය කරන බවද පවසා සිටි ඔහු මේ සම්බන්ධයෙන් අදාල නිළධාරින්ගේන විමසා සිටින බවද මීපුරට කියා සිටියේය.
වාර්ථා වන අන්දමට මේ කම්කරුවන් බැසිල් පිනවිම සදහා ගෙනගොස් ඇත්තේ අමති ලංසාගේ සුවච කිකරුම ගෝලයෙකු වන රන්මුතු නැමැති තාක්ෂණ නිළධාරියා බවද සැලය.