බැසිල් පිළිගන්න ඇමති ලංසා සෙනඟ සොයයි ! මීගමුවේ ජේෂ්ඨයෝ නිහඩයි ?

0
245

හෙට දිනයේ ලංකාවට සැපත්විමට නියමිත යැයි කියන  හිටපු ආමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පිළිගැනිම සදහා 2000 ක කාන්තා බළඇණියක් කැටුව ගුවන් තොටට යෑම සදහා මේ වන විට ඇමති නිමල් ලංසා කටයුතු කරගෙන යමින් සිටින බව වාර්ථා වේ.
ඒ මීගමුවට සහ විශේෂයෙන්ම තමන්ට විශේෂකොට සැලකිම වෙනුවෙන් කළගුණ සැලකිම සදහා යැයි ඔහුට සමිප ආරංචි මාර්ග සදහන් කරයි.
මේ අතර මීගමුවේ ජේෂ්ඨ ශ්‍රිලනිප මන්ත්‍රිවරුන් පිරිසක් මේ පිළිගැනිමේ කටයුත්ත ගැන කිසිදු උනන්දුවකින් කටයුතු කරන බවක් නොපෙනේ .
මේ අය හෙට දිනයේ බොහෝ දුරට බැසිල් රාජපක්ෂ මහතා පිළිගැනිමට යෑමට සහභාගි නොවනු ඇති බව පෙනේ.
එහෙත් මීගමුව මහනගර සභාවේ බහුතරයක් මන්ත්‍රින් ඇමති ලංසා හා එක්ව මේ ගමනට සහභාගිවනු ඇතැයි වාර්ථාවේ.
IMG_1109