බැළුන් මගින් සැමට අන්තර්ජාල පහසුකම් සලසන ” PROJECT LOON”

0
431

” PROJECT LOON” යනු තුමක්ද?

අපි හැම දෙනාටම අන්තර්ජාලය කියූ විට මතක් වෙන්නේ ලොවපුරා ක්‍රියාත්මක සන්නිවේදන ජාලයක්. නමුත් මේ වන විටත් ලොව පුරා වෙසෙන ජනගහනයෙන් 2/3 කට අන්තර්ජාලය සදහා පිවිසීමේ හැකියාව හිමිවී නැහැ.  ” PROJECT LOON” කියන්නේ ලෝකයේ කෙළවරවල් හරහා ගම් කරන එකිනෙකට සම්බන්ද වුනු බැළුම් ජාලයක්. ඒ බැළුම් ජාලය මගින් දුෂ්කර පුදේශ වල වෙසෙන පිරිස් වෙත අන්තර්ජාල පහසුකම් සැපයෙනු ඇති. එමනිසා අන්තර්ජාල පහසුකම් සැපයීමේදී ඇති විය හැකි අපහසුතාවයන් මෙමගින් මගහැරෙණු ඇතැයි මෙහි නිර්මාතෘවරුන්ගේ මතයයි.

images11

” PROJECT LOON” හි යොදාගෙන ඇති තාක්ෂණය කුමක්ද?

මේ සදහා යොදා ගැනෙන බැළුන් පා වෙන්නේ අපරිවර්තී ගොලයේයි. ඒ කියන්නේ ගුවන්යානා ගමන් කරන උස වගේම කාලගුණ වාර්ථා ලබා දීම සදහා පිහිටුවා ඇති උපකරණ පිහිටා ඇති උස මෙන් දෙගුණයක උසින්. මේ අපරිවර්ථී ගෝලය තුල එකිනෙකට වෙනස් වේගයෙන් ගමන් කරන වායු ස්ථර කිහිපයක් පවතිනවා. ඒ නිසා මේ LOON බැළුන් අවශ්‍ය තැනට යවන්නත් ඔවුන් යොදාගන්නේ මේ වායු ස්ථරමයි. ඒ කියන්නේ වායු ස්ථරය ගමන් කරන වේගය හා දිශාව සලකා බැලීමෙන් ඔවුන් මෙම බැළුම රැදවිය යුතු ස්ථානය තීරණය කරණු ලබනවා. ඉන්පසු විදුලි සංදේශ සමාගම් පමග හවුල් වෙමින් ඔවුන් මේ ජාලාකාර වර්ණාවලිය බෙදා හැරීමට කටයුතු කරනවා. එමනිසා තමන්ට අවශ්‍ය වෙලාවට අවශ්‍ය ස්ථානයක සිට තමන්ගේ ජංගම දුරකථනයෙන් හෝ LTE සම්බන්දතාවය සහිත ඕනෑම උපකරණය් මගින් අන්තර්ජාල සම්බන්දතාවය ලබා ගත හැකියි.

“LOON” බැළුන් නිර්මාණය වී ඇත්තේ කෙසේද?

මෙම බැලූනයේ වාතය පිරවිය හැකි කොටස හදුන්වන්නේ “Balloon envelope” ලෙසය. නියමිත ප්‍රමිතියට නිර්මාණය කරන ලද බැළුන් එන්විලොප් එකක් දින 100ක් පමණ වායු ගෝලයේ නිරුපද්‍රිතව පවත්වා ගන්න පුළුවන්. මෙම එන්වලොප් එක නිර්මාණය කර ඇත්තේ පොලිතයිලීන් ප්ලාස්ටික් වලින්. මෙම බැළුනයක් සම්පූර්ණයෙන්ම වාතය පිරවූ විට අඩි 15ක් පමණ පළල වන අතර අඩි 12ක් පමණ උසින් යුක්තයි.

කිසියම් අවශ්‍යතවෙයක් මත මෙ බුළුනයක් පහලට ගැනීමට අවශ්‍ය වුවහොත්, පාලනය කරන ලද ක්‍රමවේදයක් මගින් එහි පුරවා ඇති වාතය බැලූනයෙන් ඉවත්කර බැලූනය පහලට ගත හැකියි. කිසියම් අවස්ථාවක පාලනය කර ගතනොහැකි වේගයකින් බැලූනය වායුගෝලයේ පහලට ගමන් කරනවානම් එයට සම්බන්ද කර ඇති පැරිෂුටය ක්‍රියාත්මක වී එය නියමිත පරිදි පොළවට ගෙන එනු ලබනවා.

images12

“LOON” බැළුන් මගින් අන්තර්ජාල සම්බන්දතාවය ලබා දෙන්නේ කෙසේද?

මේ එක  බැලූනයක් මගින් විශ්කම්භය 40Km වන වට ප්‍රමාණයකට රැහැන් රහිත LTE තාක්ෂණය හරහා අන්තර්ජාල පහසුකම් ලබා ගැනීමේ හැකියාව හිමි වී තිබෙනවා. මෙමගින් සපයන ඉහල වේගයෙන් යුතු අන්තර්ජාල පහසුකම් නිසා මේ වන විට අන්තර්ජාල සේවා ලබා ගැනීමේදී පවතින බාධක වලින් තොරව පහසුවෙන් හා වේගයෙන් අන්තර්ජාලයට පිවිසීමේ හැකියාව ලැබෙනු ඇති.

images13

 

අන්තර්ජාලය මගිනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here